සුදත් චන්ද්‍රසේකරට නොසැලකීමේ විපාකය අගමැතිට තේරිලා..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

රනිල් එන්න කියයි-සුදත් බැහැ කියයි..! රනිල්-මලික්-සුදත් හමු වෙති..! (සුජිත් මංගල ද සිල්වා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ හිටපු පෞද්ගලික ලේකම් සුදත් චන්ද්‍රසේකර යන මහත්වරුන් අතර විශේෂ සහ…
රනිල් එන්න කියයි-සුදත් බැහැ කියයි..!
රනිල්-මලික්-සුදත් හමු වෙති..!
(සුජිත් මංගල ද සිල්වා)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ හිටපු පෞද්ගලික ලේකම් සුදත් චන්ද්‍රසේකර යන මහත්වරුන් අතර විශේෂ සහ තීරණාත්මක හමුවක් මීට දින කිහිපයකට පෙර සිදුව තිබේ.
උපාය මාර්ගික සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ද සහභාගී වී ඇති මේ හමුව සිදුව තිබෙන්නේ කොළඹ,බම්බලපිටියේ පිහිටි අගමැතිවරයාගේ සහ මලික් සමරවික්‍රම මහතාගේ සමීපතමයකු වන සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ නිවසේදීය.
සිදු වූ සියල්ල අමතක කර යළි එක්සත් ජාතික පක්ෂයට පැමිණ සිය ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කරන්න යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුදත් චන්ද්‍රසේකර මහතාගෙන් එහිදී ඉල්ලා ඇති බව අගමැතිවරයාගේ සමීපතමයකු වගේම දේශපාලනඥයකු වන පුද්ගලයෙක් “lankanewsweek”සමග පැවසීය.
ඔහු අවස්ථා ගණනාවකදීම සුදත් චන්ද්‍රසේකර මහතා එක්සත් ජාතික පක්ෂයට යළි සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ අතර මේ හමුව සිදුව ඇති නිවසේ අයිතිකරු වන සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයා ඔහුගේ ද මිත්‍රයෙකි.
එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තමා 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ද අග්‍රාමාත්‍ය අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කරන බව ද එහිදී හෙළි කර ඇති රනිල් වික්‍රමසිංහ මහතා තමාට නියත ලෙස ජනාධිපතිවරණය ජය ගත හැකි බවට විශ්වාසය ද පළ කර තිබේ.
මෙහිදී මලික් සමරවික්‍රම මහතා සුදත් චන්ද්‍රසේකර මහතාට දැනුම් දී තිබෙන්නේ ඔහු නොමැතිව “සිරිකොත” එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබෙන අතර දේශපාලන රැස්වීම් සංවිධානය කර ගත නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවය.
මේ හමුව පැය හතරකට අසන්න කාලයක් පැවතී ඇති අතර සියල්ලට සාවධානව ඇහුම්කන් දී ඇති සුදත් චන්ද්‍රසේකර මහතා අවසානයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.
කෙසේ නමුත් මේ සිද්ධිය පිළිබඳව තතු දත් ඉහළම පෙළේ දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ මේ හමුවෙන් පසුව සුදත් චන්ද්‍රසේකර මහතාට විවිධ මට්ටමෙන් විවිධ බලපෑම් එල්ල වෙමින් තිබෙන බවය.
මේ සම්බන්ධයෙන් සුදත් චන්ද්‍රසේකර මහතාගේ ස්ථාවරය දැන ගැනීම සඳහා "lankanewsweek" කණ්ඩායම ඔහු සම්බන්ධ කර ගැනීමට අවස්ථා ගණනාවකදීම උත්සහ කළත් ඒ සියල්ල ව්‍යර්ථ විය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1