අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සුදත් චන්ද්‍රසේකරගේ කාර්යාලයට “සීල්” තබයි..!

සුදත් චන්ද්‍රසේකරගේ කාර්යාලයට “සීල්” තබයි..!

විශ්‍රාමික ඩී.අයි.ජි සිරිකොතට කඩා පනී-කාර්ය මණ්ඩලය අනාථ වෙලා (නිලන්ති මානෙල්) එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන බළකායේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සහ අග්‍රාමාත්‍ය හිටපු පෞද්ගලික සහයක සුදත් චන්ද්‍රසේකර මහතාගේ…

      විශ්‍රාමික ඩී.අයි.ජි සිරිකොතට කඩා පනී-කාර්ය මණ්ඩලය අනාථ වෙලා

සුදත් චන්ද්‍රසේකරගේ කාර්යාලයට “සීල්” තබයි..!

(නිලන්ති මානෙල්)

එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන බළකායේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සහ අග්‍රාමාත්‍ය හිටපු පෞද්ගලික සහයක සුදත් චන්ද්‍රසේකර මහතාගේ සිරිකොත පිහිටි කාර්යාලයට මේ වන විට සීල් තබා තිබේ.

අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ නියෝගය පරිදි මේ කාර්යාලයට සීල් තබා ඇත්තේ අරලිය ගහ මන්දිර සැලසුම් අධ්‍යක්ෂ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති හරිස්චන්ද්‍ර වික්‍රමසිංහ මහතාය.

දැන්වීම

මේ හේතුවෙන් සිරිකොත මුලස්ථානයේ රැදී සිටීමට ස්ථානයක් නොමැතිව සුදත් චන්ද්‍රසේකර මහතාගේ කාර්ය මණ්ඩලය මේ වන විට අනාථ වී සිටිති.

මේ  අතර සිරිකොත ආරංචි මාර්ග පවසන්නේ අවුරුදු ගණනාවක් මුළුල්ලේ එක්සත් ජාතික පක්ෂයත් නායක රනිල් වික්‍රමසිංහ මහතාත් වෙනුවෙන් සිටි මේ පිරිසද ද්‍රෝහීන් ලෙස හංවඩු ගසා  පක්ෂයෙන් එළවා දැමීමට අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ප්‍රධාන කණ්ඩායම සැලසුම් කරමින් සිටින බවය.

සුදත් චන්ද්‍රසේකරගේ කාර්යාලයට “සීල්” තබයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සුදත් චන්ද්‍රසේකරගේ කාර්යාලයට “සීල්” තබයි..! | Lanka Newsweek