සුදත්ගේ කාර්යාලය “සීල්” තැබුවාට අගමැති “සාගලට-විකීට” දෙහි කපයි..!
බොරදියේ මාළු බෑමට ගිය ලසන්ත ගුණවර්ධන අනාථයි කාර්යාලයේ සීල් කඩයි-සුදත්ගේ ගෝලයෝ යළි වැඩ..! (උපුල් බණ්ඩාර) එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන බළකායේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සහ අග්‍රාමාත්‍ය හිටපු පෞද්ගලික සහයක…
බොරදියේ මාළු බෑමට ගිය ලසන්ත ගුණවර්ධන අනාථයි
කාර්යාලයේ සීල් කඩයි-සුදත්ගේ ගෝලයෝ යළි වැඩ..!
(උපුල් බණ්ඩාර)
එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන බළකායේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සහ අග්‍රාමාත්‍ය හිටපු පෞද්ගලික සහයක සුදත් චන්ද්‍රසේකර මහතාගේ සිරිකොත පිහිටි කාර්යාලයට සීල් තබා ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කිසිදු අනු දැනුමකින් තොරව බව වාර්තා වෙයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කිසිදු අනු දැනුමකින් සහ අවසරයකින් තොරව, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ නියෝගය පරිදි මේ කාර්යාලයට සීල් තබා ඇත්තේ අරලිය ගහ මන්දිර සැලසුම් අධ්‍යක්ෂ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති හරිස්චන්ද්‍ර වික්‍රමසිංහ මහතාය.
දැන්වීම
මේ සිද්ධිය පිළිබඳව “lankanewswweek” කළ හෙළිදරව්ව පදනම් කර ගනිමින් එම ප්‍රවෘත්තිය ද පෙන්වා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරීන් පිරිසක් මේ සම්බන්ධයෙන් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම්වත් කර ඇත.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වී ඇති අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, සාගල රත්නායක,විශ්‍රාමික ඩී.අයි.ජී හරිස්චන්ද්‍ර වික්‍රමසිංහ සහ සිරිකොතේ සිටින ලසන්ත ගුණවර්ධන නැමැත්තා කැඳවා මේ ක්‍රියාව සම්බන්ධයෙන් ඒ අයට දැඩි ලෙස දෝෂාරෝපණය කර තිබේ.
සුදත් චන්ද්‍රසේකර මහතාගේ කාර්යාලය සහ ඔහුගේ කාර්ය මණ්ඩලයේ කාර්යාලය වහාම විවෘත කර ඒ බඩු භාණ්ඩ තිබූ ස්ථානවලම තබා ඔහුගේ කාර්ය මණ්ඩලයට එම කාර්යාලය භාර දෙන ලෙසට ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී නියෝග කර ඇත.
ඒ අනුව විශ්‍රාමික ඩී.අයි.ජී හරිස්චන්ද්‍ර වික්‍රමසිංහ සහ ලසන්ත ගුණවර්ධන යන මහත්වරුන් සිරිකොතට පැමිණ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාගේ අධීක්ෂණය යටතේ සුදත් චන්ද්‍රසේකර මහතාගේ කාර්යාලයේ සීල් කඩා ඔහුගේ බඩු භාණ්ඩ තිබූ ස්ථානවලම තබා එම කාර්යාලය ඔහුගේ කාර්ය මණ්ඩලයට යළි භාර දී ඇත.
එක්සත් ජාතික පක්ෂයත් නායක රනිල් වික්‍රමසිංහ මහතාත් විනාශ කරන්නේ සාගල රත්නායක,ඩී.අයි.ජී වික්‍රමසිංහ,මලික් සමරවික්‍රම, සැන්ද්‍රා පෙරේරා සහ මේ ලසන්ත ගුණවර්ධන වැනි අය බව මේ සිද්ධියෙන් ද මානව පැහැදිළි වන්නේ යැයි එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
මේ කණ්ඩායම උත්සහ කළේ සුදත් චන්ද්‍රසේකර මහතාගේ ඉල්ලා අස්වීම දඩමීමා කර ගෙන අවුරුදු ගණනාවක් මුළුල්ලේ එක්සත් ජාතික පක්ෂයත් නායක රනිල් වික්‍රමසිංහ මහතාත් වෙනුවෙන් සිටි ඔහුගේ කාර්ය මණ්ඩලය ද්‍රෝහීන් ලෙස හංවඩු ගසා පක්ෂයෙන් එළවා සුදත් චන්ද්‍රසේකර සිටි ස්ථානයට ලසන්ත ගුණවර්ධන පත් කර ගැනීමට යැයි ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.