අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සීමා නිර්ණයට මුවා වී රජය පළාත් සභා ඡන්දය තව දුරටත් අතුරුදන් කර තැබීමට උත්සහ කරනවා

සීමා නිර්ණයට මුවා වී රජය පළාත් සභා ඡන්දය තව දුරටත් අතුරුදන් කර තැබීමට උත්සහ කරනවා

පලාත් සභා ඡන්ද විමසීම අතුරුදන් කිරීම සඳහා පසුගිය ආණ්ඩු විසින් යොදාගත් ‘සීමා නිර්ණය අවසන් කිරීම’ පිළිබඳ නිදහසකට කාරණයක් ලෙස, වත්මන් ආණ්ඩුව විසින් ද නැවත යොදා ගැනීම කනගාටුවට කරුණක් බව ශ්‍රී ලංකා මානාව…

පලාත් සභා ඡන්ද විමසීම අතුරුදන් කිරීම සඳහා පසුගිය ආණ්ඩු විසින් යොදාගත් ‘සීමා නිර්ණය අවසන් කිරීම’ පිළිබඳ නිදහසකට කාරණයක් ලෙස, වත්මන් ආණ්ඩුව විසින් ද නැවත යොදා ගැනීම කනගාටුවට කරුණක් බව ශ්‍රී ලංකා මානාව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.  

මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ (OHCHR) ශ්‍රී ලංකා වාර්තාවට ලිඛිත ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා රජය ‘සීමා නිර්ණය කටයුතු අවසන් වූ පසුව පළාත් සභා ඡන්දය පැවැත්වීමට පියවර ගන්නා බව’ දක්වා ඇත. 2017 සිට පළාත් සභා ඡන්දය කල් දැමීම සඳහා එවකට සිටි රජයන් නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීම සහ සීමා නිර්ණය සම්බන්ධයෙන් ‍වන ගැටළුව නිදහසට කරුණක් ලෙස යොදා ගෙන ඇත. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් 2023 – 2024 දී තීරණාත්මක විරෝධයක් දැක්වූ ජාතික ජනබලවේගය විසින් පාලනය කරන වත්මන් ආණ්ඩුව ද, වසරටක ආසන්න කාලයක් එම මාවතේම ගමන් කරමින් සිටී. 

පලාත් සභා දැන් පවත්නා නීතිය අනුව පැවැත්විය නොහැකිව ඇත්තේ,  එවකට පැවති දේශපාලන වියවුල නිසා, අග්‍රාමාත්‍යවරයා ගේ සමාලෝචන කමිටුවට මාස දෙකක් තුල සිය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නොහැකිවූ නිසාය.  ආණ්ඩුවට පළාත් සභා ඡන්දය පැවැත්වීමට සැබෑ උවමනාවක් තිබේ නම්, අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් නව සමාලෝචන කමිටුවක් පත් කර මාස දෙකක් තුල එහි නිර්දේශ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර සම්මත කර ඡන්දය පැවැත්විය හැකිය. (එවැනි කමිටුවක් නීත්‍යානුකුල නොවේ යැයි රජය සිතන්නේ නම්, පාර්ලිමේන්තුව අනුමැතිය සහිතව එය සිදු කළ හැකිය.)  

දැන්වීම

තාක්ෂණිකව, පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකිව ඇත්තේ පළාත් සභා සම්බන්ධයෙන්  ‘පවත්නා මැතිවරණය නීතියක් නොමැතිකම’ නිසාය. එයට පිළියම් යෙදිය හැක්කේ පාර්ලිමේන්තුවට පමණී. 

පුරා වසරකට ආසන්න කාලයක් පලාත් සභා සීමා නිර්ණයේ ඉදිරි පියවර නොගෙන 2018 සිට පැවති ආණ්ඩු කටයුතු කළ ආකරයෙන්ම කටයුතු කර, මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය වාර්තාවට ඇඟ ගලවා ගැනීමේ ප්‍රතිචාරයක් ආණ්ඩුව විසින් ලබදා දී ඇත. එම පිළිතුර යථාර්ථයක් බවට පත්වීමට නම්, පලාත් සභා සම්බන්ධයෙන් ‘පවත්නා මැතිවරණය නීතියක්’ පාර්ලිමේන්තුව මගින් බලාත්මක කළ යුතුය.   පලාත් සභා ඡන්දය පැරණ සමානුපාතික ක්‍රමය යටතේ පැවැත්වීමට ආණ්ඩුව අවශ්‍යතාවයක් ඇති නම්, එය 2/3 බහුතරයෙන් පාර්ලිමේන්තුවේ නීති සම්මතයක් මගින් සිදු කළ හැකිය. 

2015 දී සීමා නිර්ණය කොමිෂන් සභාව පිහිටවනු ලැබූ නමුත්, එහි කාර්ය භාරය පිළිබඳ ජනවරම (mandate) ලබා දී නැත. එබැවින් කොමිෂන් සභාව එහි මුලික අරමුණ මත ක්‍රියාත්මක වන්නේ නැත. පොලිස්, අධිකරණ, පළාත් පාලන ආයතන, ප්‍රාදේශීය ලේකම් හා ග්‍රාම නිලධාරී වසම්, වන සංරක්ෂන, වන ජීවී, මිනින්දෝරු, ස්වදේශ කටයුතු සීමා නිර්ණය සම්බන්ධයෙන් ගැටළු රැසක් පවතී. ඒවා මිසඳීම සඳහා විධිමත්ව ස්ථාපනය කළ බලතල හා පහසුකම්  සහිත ජාතික සීමා නිර්ණය කොමිසමක අවශ්‍යතාව පවතින බව ද අවධාරණය කරේ.  

සීමා නිර්ණයට මුවා වී රජය පළාත් සභා ඡන්දය තව දුරටත් අතුරුදන් කර තැබීමට උත්සහ කරනවා

-රජිත් කීර්ති තෙන්නකෝන්- 

විධායක අධ්‍යක්ෂ

මානව හිමිකම් කේන්ද්‍රය

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න