අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සිවු වසරකට මත්තල පාඩුව කෝටි 2000යි

සිවු වසරකට මත්තල පාඩුව කෝටි 2000යි

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ 2017 වසරේ සිට 2021 වසර දක්වාවූ කාලයේදී රුපියල් කෝටි දෙදහසකට වැඩි පාඩුවක් ලබා ඇතැයි විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ. මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ…

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ 2017 වසරේ සිට 2021 වසර දක්වාවූ කාලයේදී රුපියල් කෝටි දෙදහසකට වැඩි පාඩුවක් ලබා ඇතැයි විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ  වියදම රුපියල් කෝටි 200 ඉක්මවා ඇතත් එම වියදම ආදායමට වඩා විසි ගුණයකින් පමණ වැඩි බවද  එම වාර්තාවේ දැක්වේ.

එසේම  ගුවන් තොටුපොළ ඉදිකිරීම සඳහා වැය කරන ලද  රුපියල් කෝටි 3656 කට වැඩි මුදල ඵලදායී ලෙස භාවිතා කර නොමැති අතර මත්තල ගුවන් තොටුපොළ 2021 වර්ෂයේදී බදු ගෙවීමෙන් පසු ශුද්ධ  අලාභය රුපියල් කෝටි 400ක් වන බව ද එහි සඳහන් වේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සිවු වසරකට මත්තල පාඩුව කෝටි 2000යි | Lanka Newsweek