අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සිරි සමන්ත භද්‍ර හිමි එක්ක රනිල්-රවී කෘෂි විප්ලවයක් අරඹයි

සිරි සමන්ත භද්‍ර හිමි එක්ක රනිල්-රවී කෘෂි විප්ලවයක් අරඹයි

සජිත්-අනුර-මෛත්‍රී අනාථයි ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවන්ට ඇතුල් පහරක් රනිල්-රවී උමන්දාවේ සංචාරය කරයි දුලාන්ජලී ප්‍රේමදාසලා ගිනි තබා වැනසූ බුදු පිළිමය වෙනුවට ජනපතිට අලුත් පිළිමයක් දේශපාලන විරුද්ධවාදීන්…

සජිත්-අනුර-මෛත්‍රී අනාථයි 

ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවන්ට ඇතුල් පහරක් 

රනිල්-රවී උමන්දාවේ සංචාරය කරයි 

දුලාන්ජලී ප්‍රේමදාසලා ගිනි තබා වැනසූ බුදු පිළිමය වෙනුවට ජනපතිට අලුත් පිළිමයක්  

සිරි සමන්ත භද්‍ර හිමි එක්ක රනිල්-රවී කෘෂි විප්ලවයක් අරඹයි

දේශපාලන විරුද්ධවාදීන් සහ ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවන් යටි සිතින් ප්‍රර්ථනා කරන ඊනියා සාගතයෙන් රට මුදවා ගෙන ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරමින් ජනතාව ස්වයං පෝෂිත කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු මුදල් ඇමති රවී කරුණානායක යන මහත්වරු උමන්දාවේ නිර්මාතෘ සිරි සමන්ත භද්‍ර නා හිමියන් එකට එක්ව රටේ කෘෂි විප්ලවයක් දියත් කිරීමට කටයුතු යොදා තිබේ. 

ආණ්ඩුවේ තිරය පිටු පස සිටිමින් රටේ ආර්ථිකය ගොඩනැගීමට විශාල කාර්ය භාරයක් ඉටු කරමින් සිටින රවී කරුණානායක මහතා සමග ඉරිදා (02) සවස උමංදාව විශ්ව ගම්මානයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක යෙදුණු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධයෙන් සිරි සමන්ත භද්‍ර නා හිමියන් සමග දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කළේය.

දැන්වීම

දුලංජලී ප්‍රේමදාස, නියොමාල් පෙරේරාගේ පුත්‍ර ඉවාන් පෙරෙරා සහ රෙහාන් ජයවික්‍රම ඇතුළු පිරිස ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට තැබූ ගින්නෙන් විනාශ වූ බුදු පිළිමය වෙනුවට අලුත්ම බුදු පිළිමයක් ජනාධිපතිවරයා වෙත පරිත්‍යාග කිරීමට සිරි සමන්ත භද්‍ර නා හිමියන් මෙහිදී ක්‍රියා කිරීම විශේෂ සිද්ධියක් විය.

ශ්‍රී ලංකාවේ සාගතයක් ඇති වන තුරු සිහින මවමින් බලා සිටින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ට සහ ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවන්ට මෙම කෘෂි විප්ලවය ඇතුල් පහරක් වනු ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.  

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සිරි සමන්ත භද්‍ර හිමි එක්ක රනිල්-රවී කෘෂි විප්ලවයක් අරඹයි | Lanka Newsweek