අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

සිරිල් ගාමිණි පියතුමන් CIDයෙන් සතියක් කල් ඉල්ලයි

සිරිල් ගාමිණි පියතුමන් CIDයෙන් සතියක් කල් ඉල්ලයි

රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ ජනරාල් සුරේෂ් සලේ මහතා විසින් සිදු කල පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බ්‍රහස්පතින්දා(28) පැමිණෙන ලෙසට…

රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ ජනරාල් සුරේෂ් සලේ මහතා විසින් සිදු කල පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බ්‍රහස්පතින්දා(28) පැමිණෙන ලෙසට ආචාර්ය සිරිල් ගාමිණී පියතුමන්ට දැනුම් දී තිබූ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමට තවත් සතියක කාලයක් ඉල්ලමින් සිරිල් ගාමිණී පියතුමන් විසින් එම දෙපාර්තමේන්තුව වෙත ලිපියක් යොමු කර ඇත.

එසේ සතියක කාලයක් ඉල්ලා ඇත්තේ ප්‍රකාශය ලබාදීමට සුදානම් වී පැමිණීම සඳහාය.වෙනත් පියතුමන්ලා තිදෙනෙක් විසින් එම ලිපිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දුන් අතර ඔවුන් එම ඉල්ලීම පිළිගෙන ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න