අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සිරිකොත පවිත්‍රතා සේවකයින්ට මාස පහකින් වැටුප් ගෙවා නැහැ

සිරිකොත පවිත්‍රතා සේවකයින්ට මාස පහකින් වැටුප් ගෙවා නැහැ

"රුවන්-අකිල" අසරණ සේවකයින් නොසලකා හැරලා පවිත්‍රතා සේවකයින් කුස ගින්නේ සේවක වැටුපවත් ගෙවා ගත නොහැකි රනිල්-රුවන්-අකිල කුමකටද..? "සිරිකොත" පවිත්‍රතා කටයුතු ඇන හිටින ලකුණු (සුජිත් මංගල ද සිල්වා)…

"රුවන්-අකිල" අසරණ සේවකයින් නොසලකා හැරලා

පවිත්‍රතා සේවකයින් කුස ගින්නේ

සේවක වැටුපවත් ගෙවා ගත නොහැකි රනිල්-රුවන්-අකිල කුමකටද..?

"සිරිකොත" පවිත්‍රතා කටයුතු ඇන හිටින ලකුණු

සිරිකොත පවිත්‍රතා සේවකයින්ට මාස පහකින් වැටුප් ගෙවා නැහැ 

(සුජිත් මංගල ද සිල්වා)


"සිරිකොත" එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ සේවයේ නියුතු පවිත්‍රතා සේවක සේවිකාවන්ගේ වැටුප් මාස පහකින් ගෙවා නොමැති තත්වය හමුවේ එම සේවක සේවිකාවෝ අන්ත අසරණ වී සිටිති.

එම  සේවක සේවිකාවන්ගේ වැටුප් ගෙවීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ අභිනව නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධනය සහ ඒම පක්ෂයේ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් යන මහත්වරු මේ වන තුරුත් කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නොමැති අතර එම සේවක සේවිකාවන් සම්පූර්ණයෙන්ම නොසලකා හැර සිටිති.

පුරා මාස පහක්  මුළුල්ලේ වැටුප් නොලැබීම හේතුවෙන් සිය ජීවිකාව ගෙන යා ගත නොහැකිව අන්ත අසරණ වී සිටින ඒම සේවක සේවිකාවන් මේ සම්බන්ධයෙන් ඒ අයව "සිරිකොත" මූලස්ථානයේ සේවයට අනුයුක්ත කර තිබෙන අදාළ සනීපාරක්ෂක සේවා සපයන ආයතනයේ ප්‍රධානින් වෙත පැමිණිලි කර තිබේ.

දැන්වීම

ඒ අනුව එම ආයතනයේ ප්‍රධානියා එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් අකිල විරාජ් මහතාගෙන් මේ ගැන කරුණු විමසා ඇති අතර එහිදී අකිල විරාජ් කාරියවසම් මහතා ඔහුට කියා තිබෙන්නේ වැටුප් ගෙවා ගැනීමට මුදල් නොමැති නිසා එම පවිත්‍රතා සේවක සේවිකාවන් වහාම "සිරිකොත" රාජකාරිවලින් ඉවත් කර ගන්නා ලෙසය.

මේ අතර "සිරිකොත" එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ තරුණ තරුණියන් පිරිසක් "lankanewsweek"සමග කියා සිටියේ එම  පක්ෂ මූලස්ථානයේ දේශපාලන ක්‍රියාකාරීන් ලෙස සේවයේ යෙදී සිටින සේවක සේවිකාවන්ට තබා අන්ත අසරණ පවිත්‍රතා සේවක සේවිකාවන්ටවත් වැටුප් ගෙවා ගත නොහැකි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධනය සහ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන්ගෙන් පක්ෂයට, රටට සහ පාක්ෂිකයාට කසිදු සරණක් නොමැති බවය.

මෙම පවිත්‍රතා සේවක සේවිකාවන් "සිරිකොත" මූලස්ථානය අත හැර සේවයෙන් ඉවත්ව ගිය හොත් මුළු සිරිකොතම දුගඳ හමන ගරා වැටුණු දිරා පත් වෙමින් යන එකම කසල ගොඩක් වනු ඇතැයි ද ඔවුහු වැඩි දුරටත් පෙන්වා දුන්හ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න