අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සිය රාජකාරිය ස්වාධීනව කරන්න මහා බැංකු අධිපතිට ඉඩ දෙනු

සිය රාජකාරිය ස්වාධීනව කරන්න මහා බැංකු අධිපතිට ඉඩ දෙනු

ඔහුට ඇඟිලි නොගසා දේශපාලකයින් ඔහුගෙන් ඈත් වී සිටිනු අර්බුදයට හේතුව මහා ජනතාව ගත් වැරදි තීරණයි දේශපාලකයින්ගේ අමනෝඥ ක්‍රියාකලාපයයි ආර්ථිකය ගොඩ ගන්න නව අධිපතිට පුළුවන් විශ්ව විද්‍යාල ප්‍රජාව අවධාරණය කරති…

ඔහුට ඇඟිලි නොගසා දේශපාලකයින් ඔහුගෙන් ඈත් වී සිටිනු

අර්බුදයට හේතුව මහා ජනතාව ගත් වැරදි තීරණයි

දේශපාලකයින්ගේ අමනෝඥ ක්‍රියාකලාපයයි

ආර්ථිකය ගොඩ ගන්න නව අධිපතිට පුළුවන්

විශ්ව විද්‍යාල ප්‍රජාව අවධාරණය කරති 

සිය රාජකාරිය ස්වාධීනව කරන්න මහා බැංකු අධිපතිට ඉඩ දෙනු

(සුජිත් මංගල ද සිල්වා)  

නව මහා බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට සිය රාජකාරිය, වගකීම සහ කාර්ය භාරය ස්වාධීනව සේම නිවැරදිව ඉටු කිරීමට ඉඩ දී දේශපාලකයින් ඔහුගෙන් ඈත් වී සිටිය යුතු යැයි විශ්ව විද්‍යාල ප්‍රජාව අවධාරණය කර සිටිති.

එසේ නොකර දේශපාලකයින් නව මහා බැංකු අධිපතිවරයාගේ රාජකාරියට ඇඟිලි ගැසුව හොත් රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට ඔහුට සහ ශ්‍රී ලංකා මහා බැංකුවට නොහැකි වනු ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික සහ සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සහ ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතා අනතුරු අඟවා සිටියි.

දැන්වීම

නව මහා බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට සුභ පතන අතර මේ තීරණාත්මක අවස්ථාවේ දී රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට ඔහුට හැකියාව, ශක්තිය සහ අවබෝධය තිබෙන බව ද මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතා පෙන්වා දෙයි.

මේ මොහොත වන විට රටේ උද්ගත වී තිබෙන උග්‍ර අර්බුදකාරී සහ අතිශය වේදනාත්මක තත්ත්වයට හේතුව මහා ජනතාව අතීතයේ සිට ගත් වැරදි දේශපාලන තීන්දු සහ දේශපාලකයින් එදා සිට ගත් වැරදි තීන්දු තීරණ බවට ද ප්‍රසන්න පෙරේරා මහතා චෝදනා කර සිටියි.

එමනිසා මහා බැංකු අධිපතිවරයාගේ, ශ්‍රී ලංකා මහා බැංකුවේ සහ එහි සිටින වෘත්තීයවේදීන්ගේ රාජකාරියට දැන්වත් ඇඟිලි නොගසා ඒ අයට සිය රාජකාරිය ස්වාධීනව සිදු කිරීමට ඉඩ දී පාලකයින් රට-ජනතාව වෙනුවෙන් ඒ අයට පැවැරී තිබෙන වගකීම්, යුතුකම් සහ කාර්ය භාරයන් ඉටු කළ යුතු යැයි ද ඔහු පෙන්වා දෙයි.

එසේම පාලකයින්ට එරෙහිව එල්ල වන මහා ජන විරෝධය, ඉදිරියේ දී ශ්‍රී ලංකා මහා බැංකුව සහ එහි අධිපතිවරයා වෙත පටවා පාලකයින් අත පිසදා ගැනීමට ද ඉඩ තිබෙන බව මහා බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අවබෝධ කර ගෙන සිටිය යුතු යැයි ද ප්‍රසන්න පෙරේරා මහතා කියා සිටියි.

මෙම ආර්ථික අරගලයේ දී හෙට අනිද්දා වන විට වැටුප් කප්පාදු කිරීම් සහ බදු වැඩි කිරීම් ඇතුළු වේදනාත්මක තීන්දු තීරණ ගැනීමට සිදු වනු ඇති අතර මහා ජනතාව රට වෙනුවෙන් ඒ සියල්ල ඉවසීමට සූදානමින් සිටිය යුතු බව පෙන්වා දෙන මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතා රටේ ආර්ථිකයට අදාළ සංවේදී සහ ඍනාත්මක අභ්‍යන්තර කරුණු පාර්ලිමේන්තුවේ දී හෙළිදරව් නොකර සිටීමට පක්ෂ-විපක්ෂ දේශපාලකයින් වග බලා ගත යුතු යැයි ද අවධාරණය කර සිටියි. 

සිය රාජකාරිය ස්වාධීනව කරන්න මහා බැංකු අධිපතිට ඉඩ දෙනු

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
සිය රාජකාරිය ස්වාධීනව කරන්න මහා බැංකු අධිපතිට ඉඩ දෙනු | Lanka Newsweek