සිය පියා රටට කළ සේවය අඛණ්ඩව ඉදිරියට ගෙන යාම තම අරමුණයි

රටේ ඇති අති උතුම් පූජ්‍යස්ථාන ආරක්ෂා කොට රැක ගැනීම ශ්‍රී ලාංකේය පුරවැසියන් සියලු දෙනාගේ වගකීම සහ කාර්ය භාරය වන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස…
රටේ ඇති අති උතුම් පූජ්‍යස්ථාන ආරක්ෂා කොට රැක ගැනීම ශ්‍රී ලාංකේය පුරවැසියන් සියලු දෙනාගේ වගකීම සහ කාර්ය භාරය වන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, "සසුණට අරුණ" වැඩ සටහන යටතේ මාතර දෙවිනුවර දේවාලයේ ප්‍රධාන වාහල්කඩ අලුත්වැඩියා කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.
දෙවිනුවර දේවාලයේ වාහල්කඩ අලුත් වැඩියා කර විවෘත කළේ විපක්ෂ නායකවරයා ලෙස නොව රටේ සිවිල් පුරවැසියකු ලෙස යැයි ද, එසේ කළේ ආගමික සිද්ධස්ථාන වෙනුවෙන් කළ යුතු යුතුකම් සම්භාරය ඉටු කිරීමේ සත්කාරක මෙහෙවරක් ලෙස යැයි ද, බුදු දහමට අනුව අප අපගේ ගති පැවතුම් සහ ක්‍රියාකලාපයන් උසස් සාරධර්ම කේන්ද්‍ර කර ගෙන ශිෂ්ටසම්පන්න ජන සමාජයක නිහතමානීව සහ සංවරශීලීව කටයුතු කළ යුතු යැයි ද පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස මහතා ආගම දහම අනුව අපගේ ක්‍රියාකලාප හැඩගස්වමින් ජන සමාජයේ දියුණුව උදෙසා කටයුතු කළ යුතු යැයි ද අවධාරණය කළේය.
දැන්වීම
එසේම ප්‍රාදේශීය ලේකම්කාර්යාලයේ තාක්ෂණ නිලධාරීන්ගේ සහ බස්නායක නිලමේවරයාගේ අධික්ෂණය යටතේ මේ කටයුතු දිගින් දිගටම ඉටු කෙරෙනු ඇති අතර මේ සද් ක්‍රියාවෙන් ලැබෙන ආලෝකය රට වැටී ඇති තත්ත්වයෙන් ගොඩ ඒමට ආශිර්වාදයක් වනු ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
සිය පියා වන හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ද දෙවිනුවර පුදබිම වෙනුවෙන් සුවිශාල සේවාවන් රැසක් ඉටු කළ බවත් එම සේවාවන් තව දුරටත් ඉදිරියට ගෙන යාම සිය අරමුණ වන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
තවද කඹුරුපිටිය ගම් උදාව කේන්ද්‍ර කර ගෙන මෙම විහාරස්ථානය සහ උතුම් පුද බිමට පූජා කළ අක්කර 25ක වැදගත් භූමිභාගය යම් යම් ආරවුල් නිසා එහි ස්ථාවරත්වය පිළිබඳා ගැටලු පැනනැගී ඇති මොහොතක පාර්ලිමේන්තුවේ දී කරුණු කාරණා ඉදිරිපත් කරමින් මෙහි නිරවුල් භාවය කඩිනමින් ලබා දීමට කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් සඳහන් කළේය.