සිය ගැටලුවලට විසඳුම් විපක්ෂනායකවරයාගෙන් ඉල්ලන තත්ත්වයට ගොවි ජනතාව පත් වෙලා

සියලුම අස්වැන්න මිලදී ගන්නවා ලෙස පාර්ලිමේන්තුවේ කියා සිටියත් එම ක්‍රියාවලිය යථාර්ථයක් නොවන බවත් වන අලි මිනිස් ගැටුමට තවමත් විසදුම් නොමැති බවත් පොහොර සහනාධාරය නියමිත කාලයට නොමැති වීම ආදී ගැටලු රාශියක්…
සියලුම අස්වැන්න මිලදී ගන්නවා ලෙස පාර්ලිමේන්තුවේ කියා සිටියත් එම ක්‍රියාවලිය යථාර්ථයක් නොවන බවත් වන අලි මිනිස් ගැටුමට තවමත් විසදුම් නොමැති බවත් පොහොර සහනාධාරය නියමිත කාලයට නොමැති වීම ආදී ගැටලු රාශියක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ දෙහිඅත්තකණ්ඩිය ගොවි ජනතාව සිදු කළ උද්ඝෝෂණයක් සඳහා එක්වෙමිනි.
මීට පෙර ගොවිජන සේවා එකෙන් වගාකටයුතු සදහා ණය ලබා දුන්නත් දැන් එය නොමැති බවත් වගා හානි වන්දි පවා නොලැබෙන බවත් මෙවැනි ගැටලු මැද බිත්තර වී පවා නියමිත ගුණාත්මකභාවයෙන් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සහතික මිල පාර්ලිමේන්තු පනතක් හරහා ස්ථාවර කරනවා කිව්වත් එය ද නොවු බැවින් ගොවි ජනතාව වෙනුවෙන් නැගිය හැකි ඉහළම හඩ විපක්ෂයක් ලෙස නගන බවත් ඒ වෙනුවෙන් කළ හැකි ඉහළම බලපෑම සිදු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. අද වන විට ජනතාව විපක්ෂ නායකවරයාගෙන් විසදුම් ඉල්ලා සිටින තැනට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.