අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සියලු දෙනාට පිළි ගත හැකි කරූ අගමැති කළ යුතුයි

සියලු දෙනාට පිළි ගත හැකි කරූ අගමැති කළ යුතුයි

අනතුරුව මැතිවරණයකට යා හැකියි දූෂණ සහ අපරාධ චෝදනා නැත්තේ කරූට විතරයි (මහාචාර්ය මයුර සමරකෝන්) කවර ආකාරයකින් බැලුවද රට තිබෙන්නේ අන්තිම භයානක,ආර්ථික සහ සමාජීය අර්බුදයකය. ඒ අනුව මේ මොහොතේ කළ යුත්තේ…

අනතුරුව මැතිවරණයකට යා හැකියි 

දූෂණ සහ අපරාධ චෝදනා නැත්තේ කරූට විතරයි 

සියලු දෙනාට පිළි ගත හැකි කරූ අගමැති කළ යුතුයි

(මහාචාර්ය මයුර සමරකෝන්)

කවර ආකාරයකින් බැලුවද රට තිබෙන්නේ අන්තිම භයානක,ආර්ථික සහ සමාජීය අර්බුදයකය. ඒ අනුව මේ මොහොතේ කළ යුත්තේ කිසියම් පිළි ගත හැකි තැනකට සාකච්ඡා ආරම්භ කිරීමය. මහ මැතිවරණයකට යාමට නම් වසරකවත් කාලයක් අවශ්‍යවන බව මැතිවරණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියයි.

එම වසරක කාලයක් උදෙසා අන්තර්කාලීන  ආණ්ඩුවක් පත් කර ගැනීම මෙහිදී කළ හැකිය. නමුත් පිළි ගත හැකි අග්‍රාමාත්‍ය වරයකු පත් කර ගැනීමේදී ගැටලු සහගත තත්ත්වයකට පත් වේ. මේ අවස්ථාවේ සමගි ජන බලවේගයේ කවුරුන් හෝ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරයකු කැප කිරීමක් කර කරූ ජයසූරිය වැනි දූෂණ චෝදනා නැති අයෙකු පාර්ලිමේන්තුවට පත් කර අග්‍රාමාත්‍යවරයා කර ගැනීම එක් යෝජනාවකි.

කරූ ජයසූරිය කතානායක ධූරයේ සිටියදි, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම උදෙසා වත්මන් ආණ්ඩු පක්ෂය සමග බරපතළ සටනක් දුන් ආකාරය මතකය.අනෙක් අතට 19 වැනි ව්‍යවස්ථාව සම්පාදනයේදී, මංගල සමරවීර සමග එක්වී බරපතළ කාර්‍යක් කළේ කරූ ජයසූරිය ය. 

එම නිසා කරූ ජයසූරියගේ නායකත්වයෙන් තාවකාලික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවා, ඉතා ඉක්මනින් මැතිවරණයකට යාම කළ හැකිය.එම කාලයේ දී කතා නායක ධූරය උදෙසා වඩාත් අපක්ෂපාතී අයෙකු පත් කර ගනිමින් ජනාධිපතිවරයාට දෝෂාභියෝගයක් ගෙන ඒම වඩාත් ඵලදායක වනු ඇත.බොහෝ විට කරූ ජයසූරිට ඇති ජාත්‍යන්තර ප්‍රතිරූපය සහ සම්බන්ධතා මත තාවකාලිකව ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට මාර්ග සකස් වනු ඇත.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සියලු දෙනාට පිළි ගත හැකි කරූ අගමැති කළ යුතුයි | Lanka Newsweek