අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සියලු දුෂිතයින් ප්‍රතික්ෂේප කරනු

සියලු දුෂිතයින් ප්‍රතික්ෂේප කරනු

නාගරීකරණය දේශපාලනයේ-විද්‍යාවේ-පාලනයේ නව ශාඛාවකි Urbanisation has become a new branch of politics, science and Governance (දේශප්‍රිය නානායක්කාර) නාගරීකරණය, මානව සංවර්ධනය සහ ප්‍රගතිය සමඟ දිගු කලක්…

නාගරීකරණය දේශපාලනයේ-විද්‍යාවේ-පාලනයේ නව ශාඛාවකි 

Urbanisation has become a new branch of politics, science and Governance

සියලු දුෂිතයින් ප්‍රතික්ෂේප කරනු

(දේශප්‍රිය නානායක්කාර)

නාගරීකරණය, මානව සංවර්ධනය සහ ප්‍රගතිය සමඟ දිගු කලක් සම්බන්ධ වී ඇති නමුත් ජන ගහන වර්ධනයට සාපේක්ෂව විවිධ සම්පත් හිඟවීම තිරසර අනාගතයට තීව්‍ර තර්ජනයකී.

කාර්මික විප්ලවයෙන් පසු නිෂ්පාදන යටිතල පහසුකම් සහ ධාරිතාව වැඩි දියුණු වීමත් සමඟ ගෝලයේ නොයෙකුත් රටවල  ආර්ථිකයේ කාර්මික ක්‍රියාකාරකම්වල කොටස වර්ධනය  විය. මේ හේතුවෙන් ආර්ථිකයේ අවධානය ග්‍රාමීය ප්‍රදේශවලින් මිදී  නාගරික ප්‍රදේශවලට යොමු විය. 

උක්ත තත්ත්වය නාගරික ආර්ථික ක්‍රියාකාරකම්වල ව්‍යුහය සහ අන්තර්ගතය ද රැඩිකල් ලෙස වෙනස් කර ඇත. නගරවල මෙම නව ආර්ථික ක්‍රමය නව්‍ය ආකාරයක සමාජ ජීවිතයක් සහ සබඳතාවක් ඇති විමට විසල් බලපෑමක් ඇති කරන ලදි. 

දැන්වීම

නගර වෙන කවරදාකටත් වඩා වැඩි ජන ගහනයක් සහිත ජනාවාස බවට පත්ව ඇත. මෙම වෙනස විවිධාකාරයෙන් වු අසමානතා, සමාජ ගැටුම් සහ දුප්පත් ජීවන තත්ත්වයන් ජනිත කර සියලු ආකාරයේ දරිද්‍රතාවයන් දස දෙස ව්‍යාප්ත කරමින් ඇත. 

අද්‍යතනව තිරසරව දියුණු විය යුතු සහ ඊට යත්න දරන රටවල "නගරය" යන වචනය මෙම ඍණාත්මක සංකල්ප සමඟ අර්ථ දැක්වීමට පටන් ගෙන ඇත. එබැවින් නගරවල ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහා රජයන් සහ දේශපාලනඥයන් නව වැඩ පිළිවෙළවල් සහ නාගරික ව්‍යාපෘතීන් සකස් කළ යුතුව ඇත. ඒ සඳහා නව්‍ය දැනුමැති අවංක මහජන නියෝජනය තීරණාත්මක වන්නා සේම රාජ්‍යකරණය කුසලතා පුර්ණත්වයෙන් සවිමත් විය යුතුමය.  

21 වන සිය වසේ සීග්‍ර ජන ගහන වර්ධනය සහ දේශගුණික විපර්යාස හේතුවෙන් උදගත වී ඇතී නොයෙක් විධ තීව්‍ර අර්බුද සහ අභියෝග හමුවේ නාගරීකරණය යනු දේශපාලනයේ සහ විද්‍යාවේ, පමණක් නොව රාජ්‍යකරණයේ ද(Governance) නව ශාඛාවක් බවට පත්ව ඇති බව හොඳින්ම පැහැදිලිය.

ජන සමාජයේ දේශපාලන, ආර්ථික සහ විද්‍යාත්මක දැනුමෙන් සපිරි දේශපාලන සාක්ෂරතාව (Political literacy) අනිවාර්යයෙන්ම මේ සඳහා තීරණාත්මකය. දේශපාලන වේදිකාවට ඇතුළු වන නුගත් වංචනිකයන් සහ  ව්‍යාජ දේශප්‍රේමි වාචාලයන් සේම මොනම ආකාරයේ හෝ දූෂිත චෝදනාවන්ට ලක් වූවන් ප්‍රතික්ෂේප කිරිම ජාතික වගකීමක් වශයෙන් සළකනු මැනවි. ඒ මක්නිසාදයත් Once a thief, always a thief. රටේ දරුවන් වෙනුවෙන් ගෞරවයෙනී.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සියලු දුෂිතයින් ප්‍රතික්ෂේප කරනු | Lanka Newsweek