සියලුම පාසල්වල 10 සිට 13 දක්වා පන්ති ඇරඹීමට සුදානම්
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ දිවයිනේ සියලුම පාසල්වල 10, 11, 12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සඳහා කොවිඩ් මර්දන කමිටු නිර්දේශ ලැබී ඇති බැවින් නොවැම්බර් මස 08 වන…
අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ දිවයිනේ සියලුම පාසල්වල 10, 11, 12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සඳහා කොවිඩ් මර්දන කමිටු නිර්දේශ ලැබී ඇති බැවින් නොවැම්බර් මස 08 වන දින සිට එම ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට සුදානම් බවය.
සෞඛ්‍ය නිර්දේශ ලද විගස සියලු 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු ආරම්භ කරන බව ද අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.පවතින කාලරාමුව කළමනාකරණය කරමින් අතපසු වූ විෂය නිර්දේශ ආවරණය කරමින් විභාග පැවැත්වීමට අවශ්‍ය සැලසුම් මේ වනවිටත් සිදුකරමින් ඇති බවද සඳහන් කරයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1