සිංගප්පූරුවේ අසූචි ඒජන්තකම මලික් සමරවික්‍රමට..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2

ඉන්දියන් සාගරයේ මුතු ඇටය දකුණු ආසියාවේ කසල බඳුන කරලා..! සිංගප්පූරු වෙළඳ ගිවිසුමෙන් කෝටි 160ක වාර්ෂික පාඩුවක්..! (ශාන්ත ළමාහේවා) ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළඳ ගිවිසුම අනුව අවම වශයෙන් එරට අපද්‍රව්‍ය වර්ග…
ඉන්දියන් සාගරයේ මුතු ඇටය දකුණු ආසියාවේ කසල බඳුන කරලා..!
සිංගප්පූරු වෙළඳ ගිවිසුමෙන් කෝටි 160ක වාර්ෂික පාඩුවක්..!
(ශාන්ත ළමාහේවා)
ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළඳ ගිවිසුම අනුව අවම වශයෙන් එරට අපද්‍රව්‍ය වර්ග 67ක් ශ්‍රී ලංකාවේ බැහැර කිරීම සඳහා ඉඩ සැලසීමට උපාය මාර්ගික සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සිංගප්පූරුවට එකඟ වී ඇතැයි සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය චෝදනා කර සිටියි.
මේ සිංගප්පූරු අපද්‍රව්‍ය ශ්‍රී ලංකාවේ මෙසේ බැහැර කෙරෙන්නේ අපද්‍රවය කළමනාකරණයට අදාළව ශ්‍රී ලංකා-සිංගප්පූරු වෙළඳ ගිවිසුම යටතේ ගිවිස ගෙන ඇති එක් කොන්දේසියක් අනුවය.
ඕනෑම එළවලු වර්ගයක් දින හතරකට වඩා අලෙවිය සඳහා තැබීම සිංගප්පූරුවේ තහනම් බැවින් මේ ගිවිසුම යටතේ එම ඉවතලන එළවලු දේශීය වෙළඳ පොළේ අලෙවිය සඳහා ආනයනය කිරීමේ අවදානමක් පවතින බව ද එම සංවිධානය පෙන්වා දෙයි.
ඒ හැරුණු විට සිංගප්පූරුවේ ඉවත් කරන කල් ඉකුත් වීමට එහෙත් පාවිච්චි කළ හැකි ඖෂධ වර්ග ද යළි අසුරා දේශීය වෙළඳ පොළේ අලෙවිය සඳහා එවීමට ද ඉඩ තිබෙන බව සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය පවසයි.
ඊට අමතරව මේ ගිවිසුම යටතේ මළපහ,ඖෂධ,නාගරික,රෝහල් රසායනික,බැර ලෝහ සහ විකරණ ඇතුළු අපද්‍රව්‍ය ද ශ්‍රී ලංකාවට ගෙන එන්න නියමිත අතර මේ සියලු අපද්‍රව්‍ය ගෙන එන්නේ අදාළ ගිවිසුමේ දෙවැනි පරිච්ඡේදය යටතේ බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේසංගමය පවසයි.
මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු සියලු නායකයින් දැනුම්වත් කර තිබෙන අතර මේ ගිවිසුමට එරෙහිව සිය සංගමය,නීතීඥ සංගමය සහ ඉංජිනේරු සංගමය ඇතුළු සංගම හතක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මේ වන විටත් නඩු පවරා තිබෙන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා-සිංගප්පූරු වෙළඳ ගිවිසුමේ 38252000 වගන්තිය යටතේ මළපහ අපද්‍රව්‍ය ද 30069200 වගන්තිය යටතේ ඖෂධ අපද්‍රව්‍ය ද 3008252000 යටතේ නාගරික අපද්‍රව්‍ය ද 38253000 යටතේ රෝහල් රසායනික අපද්‍රව්‍ය ද 81129900 යටතේ බැර ලෝහ අපද්‍රව්‍ය ද 28444000 යටතේ විකිරණ අපද්‍රව්‍ය ද පිළිබඳව පැහැදිළිව කරුණු සඳහන් වන බව ද එම සංගමය සඳහන් කර සිටියි.
මේ වෙළඳ ගිවිසුම මගින් සිංගප්පූරුවට වාර්ෂිකව රුපියල් කෝටි 160ක බදු ලාභයක් හිමි වන බව එරට අග්‍රාමාත්‍යවරයා කර ඇති ප්‍රකාශයෙන් පැහැදිළි වන්නේ මේ ගිවිසුම හේතුවෙන් ශ්‍රී ලංකාවට වාර්ෂිකව රුපියල් කෝටි 160ක පාඩුවක් සිදු වන බව නොවේ දැයි ප්‍රශ්න කර සිටින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ කරුණු කාරණා සම්බන්ධයෙන් සංවර්ධන උපාය මාර්ගික සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා වහාම රටට ජනතාවට උත්තර දිය යුතු යැයි ද අවධාරණය කර සිටියි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
