අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සෑම ග්‍රාම නිලධාරී වසමකටම ගෙයක් එක්ක කඩයක්

සෑම ග්‍රාම නිලධාරී වසමකටම ගෙයක් එක්ක කඩයක්

මාර්ග සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව ඉදි කෙරේ "අපේ ගමේ-අපේ කඩේ" බැසිල්ගේ සංකල්පයක්-ජොනීගෙයී ලන්සාගෙයි වැඩක් (සුජිත් මංගල ද සිල්වා) රට පුරා ක්‍රියාත්මක මාර්ග සංවර්ධන වැඩ පිළිවෙළට සමගාමීව සෑම ග්‍රාම…

මාර්ග සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව ඉදි කෙරේ 

"අපේ ගමේ-අපේ කඩේ" 

බැසිල්ගේ සංකල්පයක්-ජොනීගෙයී ලන්සාගෙයි වැඩක් 

සෑම ග්‍රාම නිලධාරී වසමකටම ගෙයක් එක්ක කඩයක්

(සුජිත් මංගල ද සිල්වා) 

රට පුරා ක්‍රියාත්මක මාර්ග සංවර්ධන වැඩ පිළිවෙළට සමගාමීව සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාශයක්ම ආවරණය වන පරිදි නව නිවසක් සහ ඊට යාබදව ව්‍යාපාරික ස්ථානයක් ඉදිකිරීමට රජය කටයුතු යොදා තිබෙන අතර එම ව්‍යාපෘතිය "අපේ ගමේ-අපේ කඩේ" යනුවෙන් නම් කරනු ලැබ තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ආර්ථික පුනර්ජනනීය සහ දරිද්‍රතාවය පිටු දැකීම සදහා වන ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව රට පුරා මාර්ග කිලෝ මීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩ සටහන යටතේ දිවයිනේ ග්‍රාම නිලධාරී කොට්ඨාශ 14,022 හි තෝරා ගත් එක් මාර්ගයක් සංවර්ධනය කිරීමේ දී මෙම නව නිවස සහ ඊට යාබද ව්‍යාපාරික ස්ථානය ඉදිකිරීමට සැලසුම් කර ඇති බව මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ග්‍රාමීය මාර්ග-අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා යන මහත්වරු පවසති. 

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව මෙම වැඩ සටහන සඳුදා (08) දින ආරම්භ කෙරුණු අතර මේ අනුව සෑම ගමකින්ම කාන්තා ව්‍යවසායිකාවක් බිහි කරමින් ආර්ථික ක්‍රියාවලියට කාන්තාවන්ගේ සෘජු දායකත්වය ලබා ගැනීමට රජයේ අපේක්ෂා කරයි.

දැන්වීම

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ රට හදන "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කරමින් ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය සහ ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීම මුලික කොට ගෙන ආර්ථික පුනර්ජනනීය සහ දරිද්‍රතාවය පිටු දැකීම සදහා වන ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

"සෞභාග්‍යයේ දැක්ම" වැඩ පිළිවෙළ අනුව යමින් ගමේ යටිතල පහසුකම් සංවර්ධනය සහ අඩු ආදායම් ලාභීන්ගේ ආර්ථිකය නගා සිටුවීම මෙහි අරමුණ වන අතර මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමෙන් පවුල් 14,022 ක ආර්ථිකය ද නඟා සිටුවීමට හැකියාව ලැබේ.

මහා මාර්ග අමාත්‍යාංශය, ග්‍රාමීය මාර්ග-අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය, නිවාස අමාත්‍යාංශය, තරුණ කටයුතු- ක්‍රීඩා අමාත්‍යාංශය, කාන්තා-ළමා සංවර්ධන කටයුතු අමාත්‍යාංශය, වෙළද අමාත්‍යාංශය සහ සමෘද්ධි අමාත්‍යංශය ඇතුළු අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බව දජොන්ස්ටන් ප්‍රනාන්දු සහ නිමල් ලාන්සා යන මහත්වරු වැඩි දුරටත් සඳහන් කළහ.   

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සෑම ග්‍රාම නිලධාරී වසමකටම ගෙයක් එක්ක කඩයක් | Lanka Newsweek