අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සැබෑ එජාප පාක්ෂිකයින් එකතු කිරීමේ වැඩ පිළිවෙළ නවීන් බිම්මට්ටමෙන්ම අරඹයි

සැබෑ එජාප පාක්ෂිකයින් එකතු කිරීමේ වැඩ පිළිවෙළ නවීන් බිම්මට්ටමෙන්ම අරඹයි

ඉදිරියේ දි පැවැත්විමට නියමිත පළාත් සභා මැතිවරණය ඉලක්ක කර ගනිමින් එක්සත් ජාතික පක්ෂිකයින් බලමුළු ගන්වා පෙළගැස්විමේ වැඩ පිළිවෙළක් සබරගමු පළාත් හිටපු මහා ඇමති නවීන් දිසානායක මහතා ආරම්භ කර තිබේ. මෙම වැඩ…


ඉදිරියේ දි පැවැත්විමට නියමිත පළාත් සභා මැතිවරණය ඉලක්ක කර ගනිමින් එක්සත් ජාතික පක්ෂිකයින් බලමුළු ගන්වා  පෙළගැස්විමේ වැඩ පිළිවෙළක් සබරගමු පළාත් හිටපු මහා ඇමති නවීන් දිසානායක මහතා ආරම්භ කර තිබේ.

මෙම වැඩ පිළිවෙළ යටතේ වන පළමු ජන හමුව එක්සත් ජාතික පාක්ෂිකයින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය නගරයේ දී නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විණ. 

එහිදී රටේ උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ සැබෑ එක්සත් ජාතික පක්ෂිකයින් වශයෙන් යළි එක්සත් විමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් කරුණු අවධාරණය කළ නවීන් දිසානායක මහතා සියලු භේද ඉවතලා එකට එක් වන්නැයි සියලු එක්සත් ජාතික පාක්ෂිකයින්ගෙන් ඉල්ලා සිටියේය. 

සැබෑ එජාප පාක්ෂිකයින් එකතු කිරීමේ වැඩ පිළිවෙළ නවීන් බිම්මට්ටමෙන්ම අරඹයි

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සැබෑ එජාප පාක්ෂිකයින් එකතු කිරීමේ වැඩ පිළිවෙළ නවීන් බිම්මට්ටමෙන්ම අරඹයි | Lanka Newsweek