අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

සාධාරණ සමාජයේ රට ගොඩනගන වැඩ පිළිවෙළ ඇගයේ

සාධාරණ සමාජයේ රට ගොඩනගන වැඩ පිළිවෙළ ඇගයේ

ජාතික සහ ජාත්‍යන්තර ගෞරවය රටට-ජනතාවට නව බලාපොරොත්තුවක් රට ගොඩනගන සාධාරණ සමාජයේ දැක්ම මෙන්න..! දේශපාලන, ආර්ථික, සමාජ සහ සංස්කෘතික ඇතුළු සෑම ක්ෂේත්‍රයකම උද්ගත වී තිබෙන උග්‍ර අර්බුදකාරී තත්ත්වයෙන් රට…

ජාතික සහ ජාත්‍යන්තර ගෞරවය 

රටට-ජනතාවට නව බලාපොරොත්තුවක් 

රට ගොඩනගන සාධාරණ සමාජයේ දැක්ම මෙන්න..!

සාධාරණ සමාජයේ රට ගොඩනගන වැඩ පිළිවෙළ ඇගයේ

දේශපාලන, ආර්ථික, සමාජ සහ සංස්කෘතික ඇතුළු සෑම ක්ෂේත්‍රයකම උද්ගත වී තිබෙන උග්‍ර අර්බුදකාරී තත්ත්වයෙන් රට බේරා ගෙන සංවර්ධනය කරා මෙහෙය වන අතර ජාතික සහ ආගමික සහජීවනය ඇති කරමින් ජනතාව සවි බල ගැන්වීම සඳහා වහාම අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය රට හමුවේ තබා ඇති පොදු වැඩ පිළිවෙළ ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ ඇගයීමට ලක් වෙමින් පවතියි.

රට යළි ගොඩනගා ජාත්‍යන්තරය කීර්තිය, ගෞරවය, විශ්වාසය සහ ආදරය යළි ලබා ගනිමින් ජනතාව සවි බල ගැන්වීම සඳහා වන මෙම ජාතික මට්ටමේ පොදු වැඩ පිළිවෙළ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ඉදිරිපත් කර තිබෙන්නේ, දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඇතුළු ජන සමාජයේ සියලු පාර්ශවයන් සමග එකට ඒකාබද්ධවය.

දැන්වීම

මේ වැඩ පිළිවෙළ ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ ප්‍රසාදයට, ඇගයීමට සහ ගෞරවයට ලක් වෙමින් තිබීම රටේත් ජනතාවගේත් සුභ සිද්ධිය, යහපත සහ දියුණුව සඳහා හේතු වනු ඇති අතර මේ වැඩ පිළිවෙළ මත පදනම්ව රටේ රැඩිකල් පෙරළියක් සිදු වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

රටක් ලෙස ශ්‍රී ලංකාව සහ ශ්‍රී ලාංකේය ජනතාව මෙම ව්‍යසනකාරී තත්ත්වයෙන් බේරා ගෙන සංවර්ධනය කරා මෙහෙය වමින්  ජාත්‍යන්තරය ජය ගැනීම සඳහා ජාතික එකමුතුවක් ඇති කර ගත යුතු කාලය එළැඹ තිබෙන අතර එම ජාතික සහ ආගමික සංහිඳියාව වෙනුවෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සහ එහි සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා සිදු කරන මැදිහත් වීම සහ ඊට ලබා දෙන නායකත්වය අතිශය ප්‍රසස්ථ බව මහා සංඝ රත්නය සහ දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.   

ඩොලර් අර්බුදය, විදුලිය කප්පාදුව, ඉන්ධන හිඟය සහ කෘෂිකාර්මික අර්බුදය ඇතුළු සෑම ක්ෂේත්‍රයක උද්ගත වී තිබෙන උග්‍ර අර්බුදකාරී තත්ත්වය ආර්ථිකය විනාශ වී ජන ජීවිතය මුළුමනින්ම බිඳ වැටී ඇති අතර මේ කිසිදු ප්‍රශ්නයකට රජයට විසඳුම් නොමැති බව පෙන්වා දෙන දේශපාලන විචාරකයෝ එවැනි තත්ත්වයක් මත මෙම යෝජනාවලිය රටට-ජනතාවට නැවුම් බලාපොරොත්තුවක් ඇති කර තිබෙන බව ද අවධාරණය කරති.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය, දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන ඇතුළු සමාජ-දේශපාලන බලවේගවල දැක්මට සහ වැඩ පිළිවෙළට අනුව මේ පොදු වැඩ පිළිවෙළ සකස් කර ඇත්තේ ජාතික සහ ජාත්‍යන්තර කීර්තියට පත් මහාචාර්ය රොහාන් සමරජීව මහතා ප්‍රධාන දේශීය සහ විදේශීය විද්වතුන්ගෙන් යුතු කමිටුවක් මගින් වන අතර එම පොදු ජාතික වැඩ පිළිවෙළ මෙසේය.

සාධාරණ සමාජයේ රට ගොඩනගන වැඩ පිළිවෙළ ඇගයේ

සාධාරණ සමාජයේ රට ගොඩනගන වැඩ පිළිවෙළ ඇගයේ

සාධාරණ සමාජයේ රට ගොඩනගන වැඩ පිළිවෙළ ඇගයේ

සාධාරණ සමාජයේ රට ගොඩනගන වැඩ පිළිවෙළ ඇගයේ

සාධාරණ සමාජයේ රට ගොඩනගන වැඩ පිළිවෙළ ඇගයේසාධාරණ සමාජයේ රට ගොඩනගන වැඩ පිළිවෙළ ඇගයේ

සාධාරණ සමාජයේ රට ගොඩනගන වැඩ පිළිවෙළ ඇගයේ

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න