අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සාගලට වෘත්තීය ජනමාධ්‍යවේදීනුත් විරුද්ධවෙයි..!

සාගලට වෘත්තීය ජනමාධ්‍යවේදීනුත් විරුද්ධවෙයි..!

(සුජිත් මංගල ද සිල්වා) යම් කාරණයක් සම්බන්ධයෙන් තොරතු දැන ගැනීම සඳහා මාධ්‍යවේදීන් දුරකතනයට කතා කළාම ඒ අයගේ ප්‍රශ්නය කුමක් ද යන්න පිළිබඳව සිය ආරක්ෂක නිලධාරියා යොදවා විමසමින් ඊට ඔහු මාර්ගයෙන් පිළිතුරු…

සාගලට වෘත්තීය ජනමාධ්‍යවේදීනුත් විරුද්ධවෙයි..!  

(සුජිත් මංගල ද සිල්වා)

යම් කාරණයක් සම්බන්ධයෙන් තොරතු දැන ගැනීම සඳහා මාධ්‍යවේදීන් දුරකතනයට කතා කළාම ඒ අයගේ ප්‍රශ්නය කුමක් ද යන්න පිළිබඳව සිය ආරක්ෂක නිලධාරියා යොදවා විමසමින් ඊට ඔහු මාර්ගයෙන් පිළිතුරු ලබාදීමට තරුණ කටයුතු අමාත්‍ය සාගල රත්නායක මහතා ක්‍රියා කරමින් සිටීම තරයේ හෙළා දකින බව ශ්‍රී ලංකා  වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ  සංගමය පවසයි.

ආරක්ෂක අංශ නිලධාරීන් සිටින්නේ ඇමතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට විනා මාධ්‍යවේදීන් ආසන ප්‍රශ්නවලට ඇමතිවරයා වෙනුවෙන් උත්තරදීමට නොවන බව ද එම නිසා මේ ක්‍රියා පිළිවෙත කිසිසේත් අනුමත කිරීමට නොහැකි බව ද වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ  සංගමයේ මහා ලේකම් ලසන්ත රුහුණගේ මහතා “lankanewsweek” සමග පැවසීය.

දැන්වීම

ඔහු මේ බව පැවසුවේ මාධ්‍යවේදීන් යම් යම් කරුණු සම්බන්ධයෙන් වගකීමකින් යුතුව නිවැරදි තොරතුරු ලබා ගැනීම සඳහා තරුණ කටයුතු අමාත්‍ය සාගල රත්නායක මහතාව දුරකතනයෙන් අමතුවාම ඔහු දුරකතනයට පැමිණීම මඟ හැර සිය ආරක්ෂක නිලධාරියා යොදවා ඒ ප්‍රශ්නවලට උත්තර ලබාදීමට ක්‍රියා කිරීම සම්බධයෙන් “lankanewsweek” ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ මතය විමසු අවස්ථාවේදීය.

යම් කිසි වැඩක් කරන විට ඒ වැඩේවත් නිවැරදිව කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව මැති ඇමතිවරුන් ඉගෙන ගත්තොත් හොඳ යැයි ද ලසන්ත රුහුණගේ මහතා වැඩි දුරටත් අවධාරණය කළේය.

මාධ්‍යට උත්තර දෙන්න සාගල අලුත්ම ක්‍රමයක් සොයා ගනී..!

ආරක්ෂක නිලධාරියාව තෝල්කයා කර ගෙන..!

සාගලට වෘත්තීය ජනමාධ්‍යවේදීනුත් විරුද්ධවෙයි..!

(සුජිත් මංගල ද සිල්වා)

එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ උද්ගත වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් නිවැරදිව සහ වගකීමකින් යුතුව ප්‍රවෘත්ති වාර්තා කළ යුතු නිසා ඊට අදාළව නිල තොරතුරු ලබා ගැනීමට අද (05) උදේ සිට අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ජංගම දුරකතනයට ඇමතුම් ලබා දුන් ජනමාධ්‍යවේදීන්ට අරුම පුදුම අත්දැකීමකට මුහුණදීමට සිදුව තිබේ.

ජනමාධ්‍යවේදීන් අදාළ ජංගම දුරකතනයට කතා කර සිය අනන්‍යතාව තහවුරු කරමින් සාගල රත්නායක ඇමතිවරයාට දුරකථනය ලබා දෙන ලෙසට ඉල්ලා සිටී අවස්ථාවේදී ඔහුගේ ආරක්ෂක නිලධාරියා අදාළ ජනමාධ්‍යවේදීන්ට දැනුම් දී තිබෙන්නේ ඇමතිවරයාගෙන් ඇසීමට තිබෙන ප්‍රශ්නය තමාට මුලින් ලබා දෙන ලෙසය.

එවිට එම ප්‍රශ්නය සාගල රත්නායක ඇමතිවරයාට යොමු කර ඊට පිළිතුරක් ලබා දිය හැකි අතර  අවශ්‍ය වුණොත් ඇමතිවරයාව ද සම්බන්ධ කළ හැකි බව ද එම ආරක්ෂක නිලධාරියා අදාළ ජනමාධ්‍යවේදීන්ට වැඩි දුරටත් දැනුම් දී තිබේ.

එහිදී ඇමැතිවරයාටයි ආරක්ෂක නිලධාරියාටයි පාඩමක් ඉගැන්වීම සඳහා ජනමාධ්‍යවේදීන් කර ඇත්තේ කිසිදු පදනමකින් තොර ප්‍රශ්න ගණනාවක් අදාළ ආරක්ෂක නිළධාරියාට ලබා දීමය.

කෙසේ නමුත් අදාළ ජනමාධ්‍යවේදීන් “ lankanewsweek” සමග පැවසුවේ මේ වන තුරු නම් ඒ ප්‍රශ්නවලට සාගල රත්නායක මහතාගෙන් හෝ ඔහුගේ ආරක්ෂක නිලධාරියාගෙන් කිසිදු පිළිතුරක් නොලැබුණු බවය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
සාගලට වෘත්තීය ජනමාධ්‍යවේදීනුත් විරුද්ධවෙයි..! | Lanka Newsweek