අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ස්වාධීන කාන්තා කොමිසම ඇමතිවරියගේ අතකොලුවක් බවට පත් කරලා - විපක්ෂ නායක

ස්වාධීන කාන්තා කොමිසම ඇමතිවරියගේ අතකොලුවක් බවට පත් කරලා - විපක්ෂ නායක

වත්මන් රජයට කාන්තාවන්ට අපහාස කරමින් අයිතිවාසිකම් උදුරා ගැනීමට ඉඩ තබන්නේ නෑ මේ ආණ්ඩුවෙන් අධ්‍යාපනය ගැන ප්‍රශ්න කරද්දී ගැරඬියට බූමිතෙල් ගැහුවා වගෙයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී…

වත්මන් රජයට කාන්තාවන්ට අපහාස කරමින් අයිතිවාසිකම් උදුරා ගැනීමට ඉඩ තබන්නේ නෑ 

මේ ආණ්ඩුවෙන් අධ්‍යාපනය ගැන ප්‍රශ්න කරද්දී ගැරඬියට බූමිතෙල් ගැහුවා වගෙයි 

 - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ පලු අරියි -

2026. 02. 03 වැනි දින තමා පාර්ලිමේන්තුවේදී කාන්තා කොමිසම ගැන ඇසූ ප්‍රශ්නයට අද අමාත්‍යවරිය උත්තර දීමෙන් පසුව නැවත වරක් කරුණු කාරණා කිහිපයක් ශිෂ්ට සම්පන්නවා පෙන්වා දීම සම්බන්ධයෙන් සභානායකවරයා එය වැරදියට වටහාගෙන ඇති බවත් කවුරු කොහොම කිව්වත් කාන්තා කොමිසම ගැසට් කළේ නෑ කියා විෂය භාර අමාත්‍යවරිය කිව්වත් එය මේ වන විටත් ගැසට් කර ඇති බවත් ආචාර්ය රමණි ජයසුන්දර වන සභාපතිවරිය ඉල්ලා අස්වීමට හේතුව වන්නේ කාන්තා කොමිසමේ ස්වාධීනත්වය තහවුරු කිරීමට ස්වාධීන ස්ථානයක් වෙන් කර ගැනීමටත් තමන්ගේම කාර්ය මණ්ඩලයක් පත් කර ගැනීමට ප්‍රතිපාදන නොමැති වීමත් රජයේ මැදිහත්වීමෙන් අමාත්‍යාංශයක හිටපු ලේකම් වරියක් ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස පත් කිරීමත් හේතුවි ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඊට අමතරව කාන්තා කොමිසමේ සභාපතිවරියට ජනාධිපති ලේකම්වරයා හමුවෙන්න අවස්ථාවක් නොමැති වී ඇතුළු ගැටලු රැසක් ඇති බවත් මේ කරුණු ගැන කියද්දි බිමල් රත්නායක සභාපතිවරයා පාර්ලිමේන්තුවට නුසුදුසු වචනවලින් කතා කරමින් සිටි බවත් මෙහි ගැටලු රැසක් පැවතීමත් ස්වාධීන කොමිෂන් සභා වෙනමම විෂයන් ලෙස ඒකක ලෙස ක්‍රියාත්මක වුවත් මේ කාන්තා කොමිසමට බලපෑම් එල්ල වන බවත් මේ කරුණු සියල්ල නිවැරදිව ඉදිරිපත් කර සිටියදී සභානායකවරයා විසින් විපක්ෂයේ කටවල් වහන්න හදන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

විෂය භාර අමාත්‍යවරියවත් කාන්තා කොමිසම ගැන හරියට දන්නේ නැහැ

2025 ජනවාරි මාසයේ දී කාන්තා කොමිසමට අවශ්‍ය නම් කාන්තා සංසදය යවා ඇති බවත් ජිනිවාවල කාන්තාවන්ට වෙනස්ව කටයුතු කිරීම ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රඥප්තිය කේන්ද්‍ර කර ගත් සම්මන්ත්‍රණයේදී කාන්තා කටයුතු අමාත්‍යවරිය විසින් කාන්තා කොමිසමේ කාර්ය සදහා සියලු කටයුතු සූදානම් යැයි කිව්වත් අද ඒ සදහා ප්‍රතිපාදන නැති බවට විෂයභාර අමාත්‍යවරිය කියන බවත් මුදල් වෙන් කිරීමේ දී යම් මගහැරීමක් සිදුවුවත් පරිපූරක ඇස්තමේන්තුවක් හරහා මුදල් වෙන් කළ හැකි වුවත් එයද නොකළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දැන්වීම

අද වන විට කාන්තා කොමිසම රජයේ අතකොලුවක් වෙලා අවසන්

මේ ගැන විපක්ෂය පාර්ලිමේන්තුවේ හඩ නැගූ පසු මිලියන 50ක් දෙන්න යෝජනා වී ඇති නමුත් එය ඉල්ලා සිටි ප්‍රමාණයෙන් තුනෙන් එකක ප්‍රමාණයක් බවත් කාන්තාවන්ගේ අයිතිය ගැන කතා කළ ඡන්ද පොරොන්දු දුන් මේ රජය දැන් දෙන ප්‍රතිපාදනවලින් පවා කප්පාදු කරන බවත් මේ රජයට සහාය දුන්න කාන්තාවන්ටත් මෙය අපහාසයක් බවත් මේ රජය කාන්තාවන්ගේ වරම අරගෙන කාන්තා කටයුතු අමාත්‍යාංශය යටතට ස්වාධීන කාන්තා කොමිසම ගෙන එය වහලෙක් බවට අතකොලුවක් බවට පත් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

අධ්‍යාපනය ගැන ප්‍රශ්න කරද්දි මේ රජය අපේ කටවල් වහනවා

කාගෙන් ඉගෙන ගත්තත් සභානායකවරයාගෙන් නම් ඉගෙන ගන්න දෙයක් නොමැති බවත් අද විපක්ෂය ප්‍රශ්න අහන්න යන විට විවිධ තීන්දු තීරණ පෙන්වා අධ්‍යාපන ක්ෂේත්‍රයේ අහන්න යන ප්‍රශ්න පවා ප්‍රතික්ෂේප කර ඇති බවත් මේ වන විට ගම්පහ වික්‍රමාරච්චි දේශිය වෛද්‍ය විද්‍යාලයේ පශ්චාත් අධ්‍යාපන පීඨය වහන්න යාම, වැඩබලන විදුහල්පතිවරුන් 1216කට විභාගය සමත්ව පත්වීම් නොලැබීම ගැන ප්‍රශ්න අහන්න තහනම් බවත් පුරාවිද්‍යා උපාධිධාරීන්ට ගුරු සේවයේ ඉතිහාස විෂයට ඉල්ලුම් කිරීමේ වරම පවා මේ රජය අහිමි කර ඇති බවත් මේවා අහන්න ඇති අවස්ථාව අද පාර්ලිමේන්තුවේ අහිමි කර ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න