ස්වාධීන උද්ඝෝෂණකරුවන් වෙනුවෙන් කරූ කොන්දේසි විරහිතව පෙනී සිටී

ජවිපෙට හොඳ පඩමක් සාමකාමීව උද්ඝෝෂණය කිරීම මූලික අයිතියක් සංවිධානාත්මක ප්‍රචණ්ඩත්වය කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් මේ රටේ සාමාන්‍ය ජනතාව ස්වේචඡාවෙන් ඉදිරිපත් වෙමින් මිරිහාන ප්‍රදේශයේ දී සාමකාමීව සිදු කරමින්…
ජවිපෙට හොඳ පඩමක්
සාමකාමීව උද්ඝෝෂණය කිරීම මූලික අයිතියක්
සංවිධානාත්මක ප්‍රචණ්ඩත්වය කුමන්ත්‍රණකාරී ක්‍රියාවක්
මේ රටේ සාමාන්‍ය ජනතාව ස්වේචඡාවෙන් ඉදිරිපත් වෙමින් මිරිහාන ප්‍රදේශයේ දී සාමකාමීව සිදු කරමින් පැවති උද්‌ඝෝෂණය කලහකාරී තත්වයක් කරා පරිවර්ථනය කිරීම පිටු පස සංවිධානාත්මකව ක්‍රියා කර ඇති පිරිස් හඳුනා ගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවාට අමතරව ඔවුන් රටට හෙළිදරව් කිරීම රජයේ සේම පොලීසියේ ද වගකීමක් වන්නේ යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
මේ රටේ සාමාන්‍ය ජනතාව ස්වේචඡාවෙන් ඉදිරිපත් වෙමින් මිරිහාන ප්‍රදේශයේ දී සාමකාමීව සිදු කරමින් පැවති උද්‌ඝෝෂණය කලහකාරී තත්වයක් කරා පරිවර්ථනය කිරීම පිටු පස සංවිධානාත්මකව ක්‍රියා කර ඇති පිරිස් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවාට අමතරව ඔවුන් රටට හෙළිදරව් කිරීම රජයේ සේම පොලීසියේ ද වගකීම වී තිබේ.
දැන්වීම
එමෙන්ම එම සාමකාමී සහ උණුසුම් විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගෙන ඇති ජනමාධ්‍යවේදීන් ඇතුළු කණ්ඩායමකට පොලීසියේ දී අති අමානුශික ලෙස පහර දී ඇතැයි නැගෙන චෝදනාව පිළිබඳව ද සාධාරණ සහ විධිමත් පරීක්ෂණයක් සිදු කිරීම ආරක්ෂක බලධාරීන්ගේ වගකීම වී තිබේ.
සාමකාමී ලෙස අදහස් පළ කිරීම, උද්ඝෝෂණය කිරීම සහ හඬ නැගීම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් තහවුරු කර ඇති මූලික අයිතියකි. අද වන විට රට අභ්‍යන්තරයේ නිර්මාණය කර ඇති දැවැන්ත අර්බුදයෙන් පීඩා විඳින සාමාන්‍ය අහිංසක ජනතාවට ඊට එරෙහිව හඬ නැගීමට සහ පෙනී සිටීමට ඇති අයිතිය සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ඉහළින්ම පිළි ගන්නා අතර එවැනි සාමකාමී උද්ඝෝෂණයන්ට සේම පෙනී සිටීම්වලට අපගේ ආශිර්වාදය ද පළ කරන්නෙමු..!
එමෙන්ම එවැනි සාමකාමී සහ අතිශය යුක්ති සහගත උද්ඝෝෂණයන් කඩාකප්පල් කරමින් ප්‍රචණ්ඩත්වය වැපිරීමට බලවත් පාර්ශවයන් හි අනුග්‍රහය ඇතැයි සැක කළ හැකි සංවිධානාත්මක කල්ලි සහ කණ්ඩායම් සිදු කරන කුමන්ත්‍රණ දැඩි ලෙස හෙළා දකින්නෙමු.
එමෙන්ම එවැනි කුමන්ත්‍රණකාරී ක්‍රියා ඉදිරියේදී ද සිදු විය හැකි බව අපි අනතුරු හඟවන්නෙමු. එබැවින් එවැන්නන් නිවැරදිව හඳුනා ගනිමින් ඔවුන්ගේ බිහිසුණු සහ සංවිධානාත්මක කූඨ උපක්‍රම පරාජය කිරීම සඳහා ද පෙරට එන ලෙස සාමකාමී සිවිල් පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නෙමු.
ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදය අගයන සාමකාමී සිවිල් පුරවැසි සංවිධානයක් ලෙස අප නැවත නැවතත් අවධාරණය කරන්නේ තමන්ට එල්ල වී ඇති විවිධ පීඩාවන්ට එරෙහිව යුක්ති සහගත ලෙස විරෝධය පළ කිරීමට ඇති අයිතිය වෙනුවෙන් අප කොන්දේසි විරහිතව පෙනීසිටින බවය.
වග කිව යුතු රජයක් කළ යුතුව ඇත්තේ ඔවුන් වෙත සාවධානව ඇහුම්කන් දෙමින් ඔවුන්ගේ දුක්ගැනවිලිවලට විසඳුම් ලබාදීමය. එමෙන්ම එවැනි විරෝධතා සහ උද්ඝෝෂණ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට අනුගතව කිසිඳු ප්‍රචණ්ඩ ක්‍රියාවකට යොමුවීමකින් තොරව සාමකාමී ලෙස සිදු කිරීම සමස්ත සමාජයේම වගකීම වී ඇති බවය.
ඊට අමතරව එවැනි සාමකාමී විරෝධතාවයන් අතරට ඇතුළු විය හැකි සංවිධානාත්මක ප්‍රචණ්ඩකාරී කල්ලි කණ්ඩායම් පිළිබඳව අවධානය යොමු කරමින් ඔවුන්ගේ බිහිසුණු අරමුණු පරාජය කිරීම ද සමස්ත සිවිල් සමාජයේ ම බලවත් වගකීමක් වී තිබේ.