අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විනෝදාස්වාද

ස්ථාවර ජාතික නායකත්වයක් රටට අවශ්‍යයි

ස්ථාවර ජාතික නායකත්වයක් රටට අවශ්‍යයි

රනිල් වික්‍රමසිංහ එම කාර්ය භාරය ඉටු කරනවා -ප්‍රවීන රංගන ශිල්පී සේනක විජේසිංහ- කලාකරුවන් රැසකගේ සහය ජනපතිටයි "තරුණ අපේ අනාගතය" යන තේමාව යටතේ රට පුරා තරුණ තරුණියන් අතර ක්‍රියාත්මක "United Youth" තරුණ…

රනිල් වික්‍රමසිංහ එම කාර්ය භාරය ඉටු කරනවා 

-ප්‍රවීන රංගන ශිල්පී සේනක විජේසිංහ-

කලාකරුවන් රැසකගේ සහය ජනපතිටයි 

ස්ථාවර ජාතික නායකත්වයක් රටට අවශ්‍යයි

"තරුණ අපේ අනාගතය" යන තේමාව යටතේ රට පුරා තරුණ තරුණියන් අතර ක්‍රියාත්මක "United Youth" තරුණ බලවේගයේ කලා එකමුතුව මගින් සංවිධානය කෙරුණු විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් නුගේගොඩ, මිරිහානේ පිහිටි "Spins" හෝටලයේ දී පැවැත්විණ. 

මෙම  අවස්ථාවට "United Youth" කලා එකමුතුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රවීණ රංගන ශිල්පී කුමාර ජයකාන්ත, ලේකම් අර්ජුන කමලනාත්, මීනා කුමාරි, රජිත හිරාන්, නිරෝෂා හේරත්, රංග විජේවික්‍රම, අංජලී ලියනගේ, සේනක විජේසිංහ, කුමාර වඳුරැස්ස, ශෂිකලා හෙට්ටිආරච්චි සහ නිරෝෂන් ඉලේපෙරුම යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

දැන්වීම

කලාකරුවන් වෙනුවෙන් ජාතික රෝහලේ වාට්ටුවක් වෙන් කිරීමට ඇති හැකියාව සොයා බලන ලෙසත්, කලාකරුවන් වෙනුවෙන් රක්ෂණාවරණයක් ලබාදීම පිළිබඳවත්, කලාකරුවන් වෙනුවෙන් අඩු පොලී ණයක් ලබා දීම පිළිබඳවත් රජයේ අවධානය යොමු කළ යුතු බව අර්ජුනාත් මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියේය.

රජිත හිරාන් මහතා ප්‍රකාශ කර සිටියේ, මුස්ලිම් සහ දමිළ කලාකරුවන් දායක කර ගත් කලා නිර්මාණ වැඩි වශයෙන් බිහි වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතු බවයි. අංජලී ලියනගේ මහත්මිය සඳහන් කළේ, සමාජ මාධ්‍යවල නිර්මාණකරණයේ යෙදෙන්නන්හට හොඳ පුහුණුවක් ලබා දීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි.

කුමාර ජයකාන්ත මහතා එහිදී ප්‍රකාශ කළේ ප්‍රවීන සහ වැඩිහිටි කලාකරුවන් රැක ගැනීම වෙනුවෙන් වැඩ පිළිවෙළක් සකස් කළ යුතු බවත්, වඩා නිර්මාණාත්මක කලා කෘති බිහි කිරීම කෙරෙහි සංවිධානයක් ලෙස මැදිහත් වී ක්‍රියා කිරීමටත් අලුත් කලාකරුවන්  සොයා ගැනීමට  පුහුණු වැඩ මුළු රට පුරා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි. 

සේනක විජේසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ, ස්ථාවර ජාතික නායකත්වයක් මේ මොහොතේ අවශ්‍ය වන අතර එම නායකත්වය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ මොහොතේ රට-ජනතාව වෙනුවෙන් ලබාදෙමින් සිටින බවය.  

ස්ථාවර ජාතික නායකත්වයක් රටට අවශ්‍යයි

ස්ථාවර ජාතික නායකත්වයක් රටට අවශ්‍යයි

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ස්ථාවර ජාතික නායකත්වයක් රටට අවශ්‍යයි | Lanka Newsweek