අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විනෝදාස්වාද

සවුදියේ සිනමා තහනම ඉවතට

සවුදියේ සිනමා තහනම ඉවතට

(සුජිත් මංගල ද සිල්වා) සිනමා කලාව සහ කර්මාන්තය වෙනුවෙන් දශක තුනකට වැඩි කාලයක් පුරා පනවා තිබු තහනම 2018 සිට වහාම ඉවත් කිරීමට සවුදි අරාබිය තීරණය කර තිබේ. එරට සංස්කෘතික සහ තොරතුරු අමාත්‍යංශය පවසන්නේ ඒ…

(සුජිත් මංගල ද සිල්වා)

සිනමා කලාව සහ කර්මාන්තය වෙනුවෙන් දශක තුනකට වැඩි කාලයක් පුරා පනවා තිබු  තහනම 2018 සිට වහාම  ඉවත් කිරීමට සවුදි අරාබිය තීරණය  කර තිබේ.

එරට සංස්කෘතික සහ  තොරතුරු අමාත්‍යංශය  පවසන්නේ ඒ සඳහා  වහාම බලපත්  නිකුත් කිරීම ආරම්භ කරන අතර  2018 මාර්තු මාසයේ පළමු සිනමා ශාලාව විවෘත කිරීමට අපේක්ෂා කරන බවයි.මේ  නියමය ක්‍රියාත්මක වන්නේ   මොහොමඩ් බින් සල්මන් කුමරුගේ  දර්ශනයට අනුව ඔහුගේ  2030 සමාජ සහ  ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ කොටසක් වශයෙනි.

1970 ගණන්වල කොන්සර්වේටිව් මුස්ලිම් රාජධානියේ සිනමාහල් පැවතියද, පූජකවරුන්ගේ බලපෑම මත එම සිනමා හල් සියල්ල වසා දැමිණ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න