අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සල්ලි තිබුණත් ඡන්දයක් නෑ-ජනපති

සල්ලි තිබුණත් ඡන්දයක් නෑ-ජනපති

කල් දාන්න ඡන්දයකුත් නැහැ පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනයක් මැතිවරණ කොමිසම විසින් මෙතෙක් නිල වශයෙන් නම් කරනු ලැබ නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ…

කල් දාන්න ඡන්දයකුත් නැහැ 

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනයක් මැතිවරණ කොමිසම විසින් මෙතෙක් නිල වශයෙන් නම් කරනු ලැබ නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ බ්‍රහස්පතින්දා (23) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

"අපි දන්නා හැටියට දැන් වෙනකම්වත් ඡන්ද දිනයක් නම් කරලා නෑ. නිල වශයෙන් නීත්‍යනුකූල ඡන්ද දිනයක් නෑ. සමහරු මාර්තු 9 ගැන කියනවා. ඒක මට කියන්න බෑ 9 ගැන. මම දන්න හැටියට නීත්‍යානුකූල තීරණයක් නෑ තියන්න කියලා.

දැන් අපිට මුදල් නැහැ. මේක කල් දාන්න අපිට වුවමනා නැහැ. මේක නවත්තන්න වුවමනා නැහැ. ඕන තරම් ඒකට වැඩ කරනවා. මේක ගෙනියන්න ඕන නම් ඔක්කො ම එක්ක සාකච්ඡා කරලා අපිට පුළුවන් ඒ ගැන කෙහොම ද විසඳුමක් හොයන්නේ කියලා. දැනට මුදල් නැහැ. අපි ඔක්කොම දන්නවා. දැනට මුදල් නැහැ ඒත් දැනට ඡන්දෙකුත් නැහැ. ඡන්දෙ තියන්න මුදල් නැහැ. මුදල් තිබුණත් ඡන්දයක් නැහැ. ඉතින් මොනා කරන්න ද..? ඉතින් මොනාට ද ඇවිල්ලා මේ කෑගහන්නේ..? මොකක් ද මේ කරන්නේ..?”

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සල්ලි තිබුණත් ඡන්දයක් නෑ-ජනපති | Lanka Newsweek