අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සර්වපාක්ෂික ආණ්ඩුවකට කරන ජනපති ආරාධනාව පිළිගන්න TNA සූදානම්

සර්වපාක්ෂික ආණ්ඩුවකට කරන ජනපති ආරාධනාව පිළිගන්න TNA සූදානම්

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සදහා ජනාධිපතිවරයා කළ ආරාධනය පිළිගැනීමට දෙමළ ජාතික සන්ධානය සූදනම් බවත් සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම ඉතාම හොඳ කාර්යයක් බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන්…

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සදහා ජනාධිපතිවරයා කළ ආරාධනය පිළිගැනීමට දෙමළ ජාතික සන්ධානය සූදනම් බවත් සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම ඉතාම හොඳ කාර්යයක් බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මන්ත්‍රීවරයා පෙරේදා (31) පැවසීය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසූ දෙමළ ජාතික සන්ධානයේ නායකයා සර්ව පාක්ෂික රජයක් බිහි කිරීම සඳහා ජනාධිපතිවරයා ගෙන යන උත්සාහයට තම පක්ෂයේ පූර්ණ සහය හිමි වන බවද කියා සිටියේය. වත්මන් අර්බූද හමුවේ කළ හැකි එකම කාර්ය වන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම නිසා දෙමළ ජාතික සන්ධානය හැරුණු විට ඇති සෙසු දෙමළ දේශපාලන පක්ෂ ද ජනාධිපතිවරයාගේ යෝජනාවට හිස නමනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද සම්පන්දන් මන්ත්‍රීවරයා කියා සිටියේය.

උතුරු පළාත් විශේෂ - රසුල දිල්හාර ගමගේ

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සර්වපාක්ෂික ආණ්ඩුවකට කරන ජනපති ආරාධනාව පිළිගන්න TNA සූදානම් | Lanka Newsweek