සරසවි සිසුන්ට ආයේ සෙල්ලම් බැහැ

දැඩි දඬුවම්-දැඩි නීති සකස් කෙරෙයි විශ්ව විද්‍යාල පද්ධතිය රැක ගත හැක්කේ, විනය විරෝධී කටයුතු සිදු කරන සිසුන්ට එරෙහිව දැඩි පියවර ගැනීමෙන් පමණක් බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය…
දැඩි දඬුවම්-දැඩි නීති සකස් කෙරෙයි
විශ්ව විද්‍යාල පද්ධතිය රැක ගත හැක්කේ, විනය විරෝධී කටයුතු සිදු කරන සිසුන්ට එරෙහිව දැඩි පියවර ගැනීමෙන් පමණක් බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය විශ්ව විද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන සහ පාසල් මට්ටමටත් ව්‍යාප්තවීම වළක්වාලීම සඳහා ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත උපදෙස් දී ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.
ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අඟහරුවාදා (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
දැන්වීම
විනය විරෝධී අයුරින් කටයුතු කරන සිසුන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීම වැනි තීරණවලට එළඹිය යුතු බව ද අමාත්‍යවරයා කීවේය.
විශ්ව විද්‍යාල ඇතුළට මත්ද්‍රව්‍ය පැමිණීම පිළිබඳවත් පුළුල් පරීක්ෂණයක් සිදු කර විශ්ව විද්‍යාල සිසුන්ට සේම අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට බියෙන් සහ සැකෙන් තොරව විශ්ව විද්‍යාලයවල ගැවසීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා මහජන ආරක්ෂක ඇමතිවරයාට සහ නීතිය භාර සියලු පාර්ශවවලට දැනුම් දී ඇතැයි ද බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
රුහුණු විශ්ව විද්‍යාලයේ ගැටුමට සම්බන්ධ සියලු සිසුන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කර ඇති බවත්, එවැනි දැඩි තීරණ නොගෙන විශ්ව විද්‍යාල පද්ධතිය බියෙන් සැකෙන් තොරව වැඩ කළ හැකි ස්ථානයක් බවට පත් කළ නොහැක බවත් හෙතෙම කීය