සම ලිංගික විවාහ නීති ගත කිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කරයි

(සුජිත් මංගල ද සිල්වා) නත්තල් සමය සමලිංගික විවාහනීති ගත කිරීමට අවශ්‍ය පියවර ගැනීම කෙරෙහි ඔස්ට්‍රේලියානු රජයේ විශේෂ අවදානය යොමු වී තිබේ . ඔස්ට්‍රේලියාණු රජය මේ තීරණය ගෙන තිබෙන්නේ එරට සංඛ්‍යාන…
(සුජිත් මංගල ද සිල්වා)
නත්තල් සමය සමලිංගික විවාහනීති ගත කිරීමට අවශ්‍ය පියවර ගැනීම කෙරෙහි ඔස්ට්‍රේලියානු රජයේ විශේෂ අවදානය යොමු වී තිබේ.
ඔස්ට්‍රේලියාණු රජය මේ තීරණය ගෙන තිබෙන්නේ එරට සංඛ්‍යාන කාර්යාංශය මගින් මේ කරණය සම්බන්ධයෙන් සිදු කෙරුණු විවෘත තැපැල් ඡන්ද විමසීමකදී ජනතාවගෙන් 61.6%ක් සම ලිංගික විවාහ නීති ගත කිරීම අනුමත කරමින් ඡන්දය ප්‍රකාශ කිරීමත් සමගය.
දැන්වීම
ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමත් සමග ප්‍රීතියට පත් සමලිංගිකයින් ප්‍රසිද්ධ ස්ථානවලට පැමිණ දේදුණු කොඩි ලෙලවමින් නැටුම් ගැයුම් ඉදිරිපත් කළහ.
ඒ අනුව නත්තල් සමය වන විට සම ලිංගික විවාහ නීති ගත කිරීමට ක්‍රියා කරන බව පැවසූ ඔස්ට්‍රේලියානු අගමැති Malcolm Turnbull මහතා ඔස්ට්‍රේලියානුවන් සිය මතය ස්ථිර සහ ප්‍රබල ලෙස කියා තිබෙන බව ද පිළිගත්තේය.