අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සමාජ මාධ්‍යට අත නොතබනු -සජිත්-

සමාජ මාධ්‍යට අත නොතබනු -සජිත්-

"මාධ්‍ය මර්දනයට එරෙහිව ජනතාව පෙළ ගස්ස වනවා" විපක්ෂ නායක ආණ්ඩුවට අනතුරු අඟවයි සමාජ මාධ්‍ය ඇතුළු සියලු ජනමාධ්‍යයන්හී නිදහස වෙනුවෙන් ද, තොරතුරු දැන ගැනීමේ අයිතිය සහ ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව වෙනුවෙන්…

"මාධ්‍ය මර්දනයට එරෙහිව ජනතාව පෙළ ගස්ස වනවා"

විපක්ෂ නායක ආණ්ඩුවට අනතුරු අඟවයි  

සමාජ මාධ්‍යට අත නොතබනු -සජිත්-

සමාජ මාධ්‍ය ඇතුළු සියලු ජනමාධ්‍යයන්හී නිදහස වෙනුවෙන් ද, තොරතුරු දැන ගැනීමේ අයිතිය සහ ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින්නේ යැයි විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

ජනමාධ්‍යට එරෙහිව ආණ්ඩුව සිදු කරන සියලු වාරණ, තර්ජන, මර්දන, බලපෑම් සහ සීමා මායිම් ආදිය ප්‍රතික්ෂේප කරන අතර ඊට එරෙහිව ජනතාව පෙළ ගැස්ස වන්නේ යැයි ද ඔහු අවධාරණය කර සිටියි. 

දැන්වීම

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේද සඳහන් වේ. 

නිදහස් ජනමාධ්‍යට එරෙහිව අවි එස වීමේ මර්දනකාරී වැඩ පිළිවෙළේ තවත් පියවරක් ඉදිරියට තබමින් ආණ්ඩුව මේ වන විට සමාජ මාධ්‍යවලට ද අත තබමින් එම නිදහස් මාධ්‍ය මර්දනය කිරීම ද ආරම්භ කර තිබෙන බව පැහැදිලිව කිව යුතුය.

විරුද්ධ මතධාරීන් මර්දනය කිරීම සදහා ආණ්ඩුව විසින් කටයුතු කරනු ලැබු  මුල්ම අවස්ථාව මේ නොවේ. ජනමාධ්‍යට අවශ්‍යවන්නේ ස්වයං වාරණයක් විනා රාජ්‍යයේ හෝ වෙනත් අදිසි හස්තයක බලපෑම නොවන බව අපි අවධාරණය කරමු.

ජනමාධ්‍ය නිදහස වෙනුවෙන් ද, තොරතුරු දැන ගැනීමේ අයිතිය වෙනුවෙන් සහ ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අපි කොන්දේසි විරහිතව පෙනී සිටින අතර ජනමාධ්‍යට එරෙහිව කෙරෙන සියලු අකාරයේ වාරණ, තර්ජන, මර්දන, බලපෑම් සහ සීමා මායිම් ආදිය ප්‍රතික්ෂේප කරන අතර ඊට අපි තරයේ එරෙහි වෙමු.

නිදහස් ජනමාධ්‍යට එරෙහිවූ සෑම පාලකයෙකුටම සහ සෑම පාලනයකටම අවසානයේ උරුම වූයේ කෙබඳු ඉරණමක්දැයි යන්න පිළිබඳව ඉතිහාසයේ පැහැදිලිව සාක්ෂි දරනු ඇති අතර සියලුම ජනමාධ්‍යවල නිදහස වෙනුවෙන් අරගල කරන සටනෙහි අපි ද පෙරමුණෙන් සිටිමු.

සමාජ මාධ්‍යට අත නොතබනු -සජිත්-

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සමාජ මාධ්‍යට අත නොතබනු -සජිත්- | Lanka Newsweek