අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සම්බුද්ධ ශාසනයේ තිර පැවැත්ම වෙනුවෙන් තව තවත් මහා යතිවරුන් පහළ වේවා..!

සම්බුද්ධ ශාසනයේ තිර පැවැත්ම වෙනුවෙන් තව තවත් මහා යතිවරුන් පහළ වේවා..!

-කරු ජයසූරිය ප්‍රාර්ථනා කරයි- ඓතිහාසික ඉඹුලකන්ද ශ්‍රී සම්බුද්ධි විහාරස්ථානයේ දී සර්වඥ ධාතුන් වහන්සේලා වැඳ පුදා ගනී..! අම්පාර නීලගිරි මහා සෑයේ කැනීම්වල දී හමු වූ හඟුරන්කෙත මාදංවල රාජ මහා විහාරස්ථානයේ…

-කරු ජයසූරිය ප්‍රාර්ථනා කරයි-   

ඓතිහාසික ඉඹුලකන්ද ශ්‍රී සම්බුද්ධි විහාරස්ථානයේ දී සර්වඥ ධාතුන් වහන්සේලා වැඳ පුදා ගනී..!

සම්බුද්ධ ශාසනයේ තිර පැවැත්ම වෙනුවෙන් තව තවත් මහා යතිවරුන් පහළ වේවා..!

අම්පාර නීලගිරි මහා සෑයේ කැනීම්වල දී හමු වූ හඟුරන්කෙත මාදංවල රාජ මහා විහාරස්ථානයේ තැන්පත් කර පුද සත්කාර කරන ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා නාගරික පරිසරයක වුවත් සිත් නිවන නිහඬ වටපිටාවක් ඇති උස් කඳු ගැටයක පිහිටි බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කර වන විහාරස්ථානයක් වන හෝමාගම ඉඹුලකන්ද ශ්‍රී සම්බුද්ධි විහාරස්ථානයට වැඩමවා ප්‍රදර්ශනය කිරීම ඇසළ පුන් පොහෝ දින සිදු කෙරිණ.  

මේ මහඟු පිංකමට බැතිසිතින් සහභාගී වූ ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මහතා ධාතූන් වහන්සේලා වැඳපුදා ගත් අතර එම අවස්ථාවට මහා සංඝ රත්නය සේම හිටපු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු ගිහි පැවිදි බොහෝ පිරිසක් සම්බන්ධ වී සිටියහ.

දැන්වීම

කරු ජයසූරිය මහතාගේ කල්‍යාණ මිත්‍ර ස්වාමීන්වහන්සේ නමක වූ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක ධුරය හොබවමින් කටයුතු කළ නා ගොඩ අමරවංශ නා හිමිපාණන් වහන්සේගේ ශිෂ්‍ය හිමි නමක වන ගෞරව ශ්‍රාස්ත්‍රවේදී පූජ්‍යපාද යහලමුල්ලේ අනුරවංශ හිමිපාණන්ගේ අප්‍රතිහත ‍ධෛර්යය මත ඉදි වූ ‍මෙම විහාරස්ථානයට එක් පසෙකින් ශ්‍රී පාදස්ථානය ප්‍රදර්ශනය වන අතර අනෙක් පසින් කොළඹ නගරයේ අලංකාරය ද මනරම්ව දර්ශනය වේ. 

ශ්‍රී සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් වන මෙම තරුණ භික්ෂූන් වහන්සේලාගේ කැපවීම අගය කළ කරු ජයසූරිය මහතා වතමන් යුගයේ දී සම්බුද්ධ ශාසනයට එල්ල වී ඇති බලපෑම සමනය කිරීමට නම් මෙවැනි තව තවත් මහා යතිවරයන් වහන්සේලා වැනි මහ තෙරුන්වහන්සේලා බිහි වේවායි යැයි බැතිසිතින් ප්‍රාර්ථනා කළේය.

සම්බුද්ධ ශාසනයේ තිර පැවැත්ම වෙනුවෙන් තව තවත් මහා යතිවරුන් පහළ වේවා..!

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න