අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සමන් අතාවුද ITN එකෙන් පන්නයි..!

අගමැතිගේ තේ පැන් සංග්‍රහය මාධ්‍යවේදීන් රැසක් වර්ජනය කරති..!

මංගලට සමන් බැගෑපත් වෙයි..! මංගල තීරණය වෙනස් නොකරයි..! ධූරයෙන් පහ කළ බව දන්නේ මාධයෙන්..? (සුමුදු පෙරේරා) අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (14) සිට ස්වාධීන…

මංගලට සමන් බැගෑපත් වෙයි..!

මංගල තීරණය වෙනස් නොකරයි..!

ධූරයෙන් පහ කළ බව දන්නේ මාධයෙන්..?

(සුමුදු පෙරේරා)

අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්  සමන් අතාවුදහෙට්ටි මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (14) සිට ස්වාධීන රුපවාහිනියේ සභාපති ධූරයෙන්  පහ කරනු ලැබ තිබේ.

මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් සමන් අතාවුදහෙට්ටි මහතා මෙසේ ස්වාධීන  රුපවාහිනියේ සභාපති ධූරයෙන් පහ කර එහි නව සභාපතිවරිය ලෙස තිලකා ජයසුන්දර මහත්මිය පත් කරනු ලැබ තිබෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ද එකඟතාවය මතය.

සමන් අතාවුදහෙට්ටි මහතා මෙසේ ධූරයෙන් පහ කිරීමට හේතු වී තිබෙන්නේ රාජ්‍ය මාධ්‍ය ආයතනයක් ලෙස ස්වාධීන රුපවාහිනිය ඔස්සේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේත්,යහ පාලන ජාතික රජයේ සහ එක්සත් ජාතික පක්ෂයේත් වැඩ පිළිවෙළත්,මතයත්,අනාගත සංවර්ධන ඉලක්කත් සමාජ ගත කරමින් දේශපාලන වශයෙන් එම ආයතනය මෙහෙයවීමට දැක්වූ නොහැකියාව වගේම පරිපාලකයකු ලෙස ඔහු අසාර්ථක වී තිබීම මතය.

මේ පසුබිම මත ස්වාධීන රුපවාහිනිය අභ්‍යන්තරයෙන්ම සමන් අතාවුදහෙට්ටි මහතාට කාලයක් මුළුල්ලේ දැඩි විරෝධයක් එල්ල වෙමින් තිබුණු අතර කොටස් දෙසීයකින් පමණ යුතු පරණ  ජපන් ටෙලිනාට්‍ය විකාශය කරමින් අති විශාල මුදලක් අයථා ලෙස උපයා ගන්නා බවට ද චෝදනා එල්ල වෙමින් තිබිණ.

මේ කරුණු කාරණා සම්බන්ධයෙන් ජනමාධ්‍ය ප්‍රවීණයන් වගේම එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරුන් ගණනාවක් සහ පසු පෙළ මන්ත්‍රීවරුන් පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා හමුවේ අවස්ථා ගණනාවකදීම පැමිණිලි කර තිබිණ.

එමෙන්ම සමන් අතාවුදහෙට්ටි මහතාගේ අත්තනෝමතික ක්‍රියා කලාපය,ඔහුගේ නොහැකියාව සහ ඔහුගෙන් එක්සත් ජාතික පක්ෂයටත්,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ යහ පාලන ජාතික ආණ්ඩුවටත් සිදු වන හානිය පිළිබඳව “lankanewsweek” කණ්ඩායම ද අඛණ්ඩවම රටට කරුණු හෙළි කළේ මේ පසු බිම යටතේය.

අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන්  අතාවුදහෙට්ටි මහතා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පෙළඹී ඇත්තේ ඒ අනුව බව අරලිය ගහ මන්දිර ආරංචි මාර්ග පවසයි.

සමන් අතාවුදහෙට්ටි මහතාට සමීප ආරංචි මාර්ග පවසන්නේ ඔහු ස්වාධීන රුපවාහිනියේ සභාපති ධූරයෙන් පහ කරනු ලැබූ සිද්ධිය ඔහු දැන ගෙන තිබෙන්නේ ද ජනමාධ්‍ය ඔස්සේ බවය. ඒ අනුව එම ආයතනයේ සභාපතිවරයා ලෙස සිය කාර්යාලයේ තිබූ බඩු බාහිරාදිය කල් ඇතිව  ඉවත් කර ගැනීමට ද ඔහුට නොහැකි වී තිබේ.

තමා ස්වාධීන රුපවාහිනියේ සභාති ධූරයෙන් පහ කර ඇති බව දැන ගැනීමෙන් පසුව අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි මහතා තමාට එම ධූරයේ රැඳී සිටීම සඳහා තවත් මාසයක පමණ කාලයක් ලබා දෙන්න යැයි  ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා හමුවේ බැගෑපත් වී තිබේ.

ඔහු එසේ කල් ඉල්ලා තිබෙන්නේ තවත්  ජපන් ටෙලිනාට්‍ය මාළාවක් ස්වාධීන රුපවාහිනිය ඔස්සේ විකාශය කිරීමට කටයුතු යොදා ඇති නිසා ඊට අදාළව එරට සමාගම සමග ගිවිසුම අත්සන් කිරීම සඳහාය. කෙසේ නමුත් ජනමාධ්‍ය  සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇතැයි දැන ගන්නට තිබේ.

සමන් අතාවුදහෙට්ටි මහතාගේ අත්තනෝමතික,අකාර්යක්ෂම සහ අසාර්ථක ක්‍රියා කලාපය හේතුවෙන් ඔහුට අත් වීමට යන ඉරණම පිළිබඳව “අගමැති සමන් අතාවුදගේ තටු කපයි” යන ශීර්ෂය යටතේ 2018 අප්‍රේල් මස 23 වැනිදා  මුලින්ම රටට කරුණු හෙළි කළේ “lankanewsweek” අන්තර් ජාල වෙබ් අඩවියය. එම ප්‍රවෘත්තිය මෙසේය.

අගමැති සමන් අතාවුදගේ තටු කපයි..!

අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් ධූරයට පමණක් සීමා කෙරේ..!

මාධ්‍ය මෙහෙයුම් බලය හරීන් ප්‍රනාන්දුට..?

April 23, 2018 lankanewsweek News 0   සමන් අතාවුද ITN එකෙන් පන්නයි..!

(සුජිත් මංගල ද සිල්වා)

අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් (මාධ්‍ය) සමන් අතාවුදහෙට්ටි මහතා සතු සියලුම මාධ්‍ය මෙහෙයුම් බලතල, එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළ යටතේ පිහුටුවීමට යන මාධ්‍ය සහ සන්නිවේදන අංශයේ ලේකම්වරයා වෙත පැවරීමට එම පක්ෂය තීරණය කර තිබේ.

දැන්වීම

ඒ අනුව අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරයා ලෙස සමන් අතාවුදහෙට්ටි මහතා ඉදිරියේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු වැඩ කටයුතු සහ රාජකාරිවලට පමණක් සීමා කර පාර්ලිමේන්තුවේ ස්ථාන ගත කිරීම කෙරෙහි ද අවධානය යොමු වී තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ පියවර ගැනීමට යන්නේ එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කමිටු මගින් කර ඇති නිර්දේශ සහ සමන් අතාවුදහෙට්ටි මහතා මාධ්‍ය මෙහෙය වන ආකාරයත්,ඔහුගේ ක්‍රියාකලාපය වගේම දේශපාලන භාවිතයත් පිළිබඳව කාලයක් මුළුල්ලේ සිදු කෙරෙන පැමිණිලි මතය.

මේ අතර එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ අවශ්‍ය නම් සිය කැමැත්ත පරිදි තීරණයක් ගන්නා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හෙට අනිද්දාම සමන් අතාවුදහෙට්ටි මහතාට දනුම් දීමට ඉඩ තිබෙන බවය.

එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළ යටතේ පිහුටුවීමට යන සන්නිවේදන සහ මාධ්‍ය අංශයේ ලේකම් ධූරයට විදුලි සංදේශ,ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පත් කිරීමට නියමිතය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
සමන් අතාවුද ITN එකෙන් පන්නයි..! | Lanka Newsweek