අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සමන්ත විද්‍යාරත්න-නාමල් කරුණාරත්න අත්අඩංගුවට

සමන්ත විද්‍යාරත්න-නාමල් කරුණාරත්න අත්අඩංගුවට

(හේමන්ත තුසිත කුමාර) පොහොර හිඟයට පිළියම් යොදන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණයක් සිදුකර ඇති ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල්…

(හේමන්ත තුසිත කුමාර)

පොහොර හිඟයට පිළියම් යොදන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණයක් සිදුකර ඇති ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න ඇතුළු 5 දෙනෙකු හට සෞඛ්‍ය  නීති රීති උල්ලංඝනය කරමින් උද්ගෝෂණය කල  බවට චෝදනා එල්ල වී ඇති අතර ඔවුන් බදාදා (07) අත්අඩංගුවට ගෙන තිබේ.

ජුලි 01 වනදා බොරලන්ද නගරයේ (බෝගහකුඹුර පොලිස් වසමේ) උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් සිදුකළ පොලිස් විමර්ශනවලට අදාළව ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන්  පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ  බෝගහකුඹුර පොලීසිය වෙත පැමිණ භාරවීමෙන් පසුවය. පොලිසිය විසින් පැවසුවේ එම සැකකරුවන් බදාදා (07) වැලිමඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සමන්ත විද්‍යාරත්න-නාමල් කරුණාරත්න අත්අඩංගුවට | Lanka Newsweek