අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සමගියේ දෙවැනියා හෝ තෙවැනියා ලෙස සාගර පාර්ලිමේන්තුවට..?

සමගියේ දෙවැනියා හෝ තෙවැනියා ලෙස සාගර පාර්ලිමේන්තුවට..?

සජිත්ගෙයි-තිස්සගෙයි ආශීර්වාදය..! සාගර පාර්ලිමේන්තු එවන්නැයි සජිත් පාක්ෂිකයින්ගෙන් ඉල්ලයි අඩු අදායම් ලාභීන් වෙනුවෙන් සාගරගෙන් සහන රැසක් ▶ වීඩියෝව නරඹන්න සමගි ජන බලවේගය යටතේ මහා මැතිවරණයට කොළඹ…

සජිත්ගෙයි-තිස්සගෙයි ආශීර්වාදය..!

සාගර පාර්ලිමේන්තු එවන්නැයි සජිත් පාක්ෂිකයින්ගෙන් ඉල්ලයි 

අඩු අදායම් ලාභීන් වෙනුවෙන් සාගරගෙන් සහන රැසක් 

▶ වීඩියෝව නරඹන්න


සමගි ජන බලවේගය යටතේ මහා මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කරන අපේක්ෂක අපේක්ෂිකාවන් අතරින් දෙවැනි හෝ තෙවැනි ස්ථානයට සාගර සේනාරත්න මහතා පත් වනු ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ඒ සඳහා සමගි ජන බලවේගයේ නායක සහ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ද ආශීර්වාදය, සහයෝගය සහ පූර්ණ අනුග්‍රහය සාගර සේනාරත්න මහතා වෙත ලැබෙමින් පවතින අතර එම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා ද ඒ වෙනුවෙන් ඇපකැප වී සිටියි.

දැන්වීම

සාගර සේනාරත්න යනු අතිශය මිත්‍රශීලී සහ හිතෛෂී පුදගලයෙකු වන අතර සිය ජනපතිවරණ ව්‍යාපාරයේදී ඔහු තමා වෙනුවෙන් රට පුරා සංචාරය කරමින් විශාල කාර්යභාරයක් කළ බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දැඩි ස්ථාවරය වී තිබේ. සමගි ජන බලවේගය යටතේ සාගර සේනාරත්න මහතා නියත ලෙස පාර්ලිමේන්තුවට තෝරා පත් කරන්නැයි එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමස්ත කොළඹ දිස්ත්‍රික් ජනතාවගෙන් ප්‍රසිද්ධියේම ඉල්ලා සිටියේ ඒ අනුවය. 

ඊට අමතරව මනාප ඡන්ද තුනෙන් එක මනාපයක් සාගර සේනාරත්න මහතා වෙත ලබා දෙන්නැයි ද සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික සංවිධායක තිස්ස අත්තනායක යන මහත්වරුන් සිය පෞද්ගලික හිතවතුන්ගෙන් ද ඉල්ලීමක් කර තිබේ.

සාගර සේනාරත්න මහතා පාර්ලිමේන්තුවට තේරී පත් වුණොත් කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ඉදිරියේ දී තමා ක්‍රියාත්මක කිරීමට යන ජන සහන වැඩ සටහන් සඳහා ඔහු විශාල ශක්තියක් වනු ඇතැයි සජිත් ප්‍රේමදාස මහතාගේ ස්ථාවරය වී තිබෙන අතර ඊට හේතු වී තිබෙන්නේ සාගර සේනාරත්න මහතා මහා මැතිවරණය වෙනුවෙන් ජනතාව ඉදිරියේ මේ වන විටත් තබා ඇති වැඩ පිළිවෙළ වේ.

එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් අවුරුදු ගණනාවක් මුළුල්ලේ දරදිය ඇද අන්ත අසරණ වි සිටින කොළඹ දිස්ත්‍රික්කයේ අඩු අදායම් ලාභී පවුල් සදහා සුදුසුකම් අනුව ස්ව්‍යං රැකියා ආරම්භ කිරීම වෙනුවෙන් මහන මැෂින් 1000 ක් ලබාදිමට ද, සර්වාගමික දහම් පාසැල් 200 ක අඩුපාඩු සම්පූර්ණ කර දැඩි දියුණු කරමින් දූදරුවන් වැඩි පිරිසකට දහම් දැනුම ලබා දිමට සහ පරිගණක වගේම ඉංග්‍රීසි දැනුම නොමිලයේ ලබා දෙන මධ්‍යස්ථාන 25ක් කොළඹ පුරා ආරම්භ කිරීමට ද සාගර සේනාරත්න මහතා සිය වැඩ පිළිවෙළ යටතේ සැලසුම් කර තිබේ. 

සමගියේ දෙවැනියා හෝ තෙවැනියා ලෙස සාගර පාර්ලිමේන්තුවට..?

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
සමගියේ දෙවැනියා හෝ තෙවැනියා ලෙස සාගර පාර්ලිමේන්තුවට..? | Lanka Newsweek