අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සඳහිරු සෑයේ පූජනීය වස්තූන් සදුදා වාරියපොළට වැඩම කෙරේ

සඳහිරු සෑයේ පූජනීය වස්තූන් සදුදා වාරියපොළට වැඩම කෙරේ

සඳහිරු සෑයේ චූඩා මාණික්‍ය සහ කොත් වහන්සේ අද (අගෝස්තු 15) දින මැල්සිරිපුර නා උයන ආරණ්‍යය සේනාසනයේ තැන්පත් කිරීමට නියමිත අතර හෙට (අගෝස්තු 16) දින සවස වාරියපොළ ශ්‍රී විශුද්ධාරාම විහාරය දක්වා වැඩම කිරීමට…

සඳහිරු සෑයේ චූඩා මාණික්‍ය සහ කොත් වහන්සේ අද (අගෝස්තු 15) දින මැල්සිරිපුර නා උයන ආරණ්‍යය සේනාසනයේ තැන්පත් කිරීමට නියමිත අතර හෙට (අගෝස්තු 16) දින සවස වාරියපොළ ශ්‍රී විශුද්ධාරාම විහාරය දක්වා වැඩම කිරීමට නියමිතය. 

සඳුදා (අගෝස්තු 16) උදෑසන නා උයන ආරණ්‍යය සේනාසනයෙන් ගමන් ආරම්භ කිරීමට නියමිත මෙම පෙරහැර රඹේ, කුඹුක්ගැටේ, හිරිපිටිය, ගනේවත්ත සහ වැල්ලෑගල යන ප්‍රදේශ හරහා වාරියපොළ දක්වා ගමන් කරනු ඇත. ඒ අනුව, සඳහිරු සෑයේ චූඩා මාණික්‍ය සහ කොත්වහන්සේ මහජනතාවට වැඳ පුදා ගැනීම සඳහා හෙට (අගෝස්තු 16) දින රාත්‍රියේ වාරියපොළ ශ්‍රී විශුද්ධාරාම විහාරයේ තැන්පත් කෙරෙනු ඇත.සෞඛ්‍ය ආරක්‍ෂක පියවරයන් අනුගමනය කරමින් මෙහි සියලු කටයුතු සිදු කෙරේ. 
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සඳහිරු සෑයේ පූජනීය වස්තූන් සදුදා වාරියපොළට වැඩම කෙරේ | Lanka Newsweek