අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සඳහිරු සෑයේ පූජනීය වස්තූන් අද අත්තනගල්ල රජමහා විහාරයට වැඩම කෙරේ

සඳහිරු සෑයේ පූජනීය වස්තූන් අද අත්තනගල්ල රජමහා විහාරයට වැඩම කෙරේ

සඳහිරු සෑයේ චූඩා මාණික්‍ය සහ කොත් වහන්සේ අගෝස්තු 18 දින සවස අත්තනගල්ල රජමහා විහාරය දක්වා වැඩම කිරීමට නියමිතය. අගෝස්තු 18 දින උදෑසන වට්ටාරම ශ්‍රී අරහන්ත මලියදේව රජමහ විහාරයෙන් ගමන් ආරම්භ කිරීමට නියමිත…


සඳහිරු සෑයේ චූඩා මාණික්‍ය සහ කොත් වහන්සේ අගෝස්තු 18 දින සවස අත්තනගල්ල රජමහා විහාරය දක්වා වැඩම කිරීමට නියමිතය. අගෝස්තු 18 දින උදෑසන වට්ටාරම ශ්‍රී අරහන්ත මලියදේව රජමහ විහාරයෙන් ගමන් ආරම්භ කිරීමට නියමිත මෙම රථ පෙරහැර දේවාලේගම, රංවල, ගලිගමුව, කොටියාකුඹුර, රුවන්වැල්ල, මීවිටිගම්මන සහ ඌරාපොල යන ප්‍රදේශ හරහා අත්තනගල්ල රජමහා විහාරය දක්වා වැඩම කිරීමට නියමිතය. 

ඒ අනුව, සඳහිරු සෑයේ චූඩා මාණික්‍ය සහ කොත්වහන්සේ අගෝස්තු 18  දින රාත්‍රියේ අත්තනගල්ල රජමහා විහාරයේ තැන්පත් කෙරෙනු ඇත.

රථ පෙරහැර ගමන් ගන්නා අවස්ථාවේදී මාර්ග පාලනය අදාල පොලිස් කොට්ඨාශ මගින් සිදුකරන අතර දැඩි සෞඛ්‍ය ආරක්‍ෂණ මාර්ගෝපදේශයන්ට අනුව මෙය පැවැත්වේ.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සඳහිරු සෑයේ පූජනීය වස්තූන් අද අත්තනගල්ල රජමහා විහාරයට වැඩම කෙරේ | Lanka Newsweek