සඳහිරු සෑයේ කොත් වහන්සේ රැගත් පෙරහැර වට්ටාරමට ළඟා වේ
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

සඳහිරු සෑයේ කොත් වහන්සේ සහ චූඩා මාණික්‍ය රැගත් පෙරහැර ආගමික ආශීර්වාද මධ්‍යයේ අද (17) වාරියපොළ ශ්‍රී විශුද්ධාරාම විහාරයෙන් ගමන් ආරම්භ කරන ලදි.ඒ අනුව, මෙම පෙරහැර මහකෙලිය, පැල්ලන්දෙණිය, කුරුණෑගල සහ…
සඳහිරු සෑයේ කොත් වහන්සේ සහ චූඩා මාණික්‍ය රැගත් පෙරහැර ආගමික ආශීර්වාද මධ්‍යයේ අද (17) වාරියපොළ ශ්‍රී විශුද්ධාරාම විහාරයෙන් ගමන් ආරම්භ කරන ලදි.ඒ අනුව, මෙම පෙරහැර මහකෙලිය, පැල්ලන්දෙණිය, කුරුණෑගල සහ පොල්ගහවෙල හරහා ගමන් කර අද සවස වට්ටාරම ශ්‍රී අරහන්ත මලියදේව රජමහ විහාරය වෙත පැමිණේ.පුජනීය මහා සංඝ රත්නයේ ප්‍රධානත්වයෙන් ආගමික ආශීර්වාද මධ්‍යයේ මෙම පෙරහැරේ සියලු කටයුතු සිදුකෙරෙනු ඇත.පෙරහැර ගමන් ගන්නා අවස්ථාවේදී මාර්ග පාලනය අදාල පොලිස් කොට්ඨාශ මගින් සිදුකරන අතර දැඩි සෞඛ්‍ය ආරක්‍ෂණ මාර්ගෝපදේශයන්ට අනුව මෙය පැවැත්වේ.




ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1