සඳහිරු සෑයේ කොත් වහන්සේ රැගත් පෙරහැර පානදුර රන්කොත් විහාරයට ළඟාවේ
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

සඳහිරු සෑයේ කොත් වහන්සේ සහ චූඩා මාණික්‍ය රැගත් රථ පෙරහැර ආගමික ආශීර්වාද මධ්‍යයේ අද (අගෝස්තු 20) හොරණ කුරුඳුවත්ත මහා විහාරයෙන් ගමන් ආරම්භ කරන ලදි. ඒ අනුව, මෙම රථ පෙරහැර ගෝනපොල, කහතුඩුව, කැස්බෑව සහ…
සඳහිරු සෑයේ කොත් වහන්සේ සහ චූඩා මාණික්‍ය රැගත් රථ පෙරහැර ආගමික ආශීර්වාද මධ්‍යයේ අද (අගෝස්තු 20) හොරණ කුරුඳුවත්ත මහා විහාරයෙන් ගමන් ආරම්භ කරන ලදි.
ඒ අනුව, මෙම රථ පෙරහැර ගෝනපොල, කහතුඩුව, කැස්බෑව සහ බණ්ඩාරගම යන ප්‍රදේශ හරහා ගමන් කර අද (අගෝස්තු 20) සවස පානදුර රන්කොත් විහාරය වෙත පැමිණේ.
පුජනීය මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් ආගමික ආශීර්වාද මධ්‍යයේ මෙම රථ පෙරහැරේ සියලු කටයුතු සිදුකෙරෙනු ඇත.රථ පෙරහැර ගමන් ගන්නා අවස්ථාවේදී මාර්ග පාලනය අදාල පොලිස් කොට්ඨාශ මගින් සිදුකරන අතර දැඩි සෞඛ්‍ය ආරක්‍ෂණ මාර්ගෝපදේශයන්ට අනුව මෙය පැවැත්වේ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1