සඳහිරු සෑයේ කොත් වහන්සේ රැගත් පෙරහැර අද වාරියපොළට ලඟාවේ
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

සඳහිරු සෑයේ කොත් වහන්සේ සහ චූඩා මාණික්‍ය රැගත් පෙරහැර ආගමික ආශීර්වාද මධ්‍යයේ අද (අගෝස්තු 16) උදෑසන මැල්සිරිපුර නා උයන ආරණ්‍යයෙන් ගමන් ආරම්භ කරන ලදී.ඒ අනුව, මෙම පෙරහැර රඹේ, කුඹුක්ගැටේ, හිරිපිටිය,…
සඳහිරු සෑයේ කොත් වහන්සේ සහ චූඩා මාණික්‍ය රැගත් පෙරහැර ආගමික ආශීර්වාද මධ්‍යයේ අද (අගෝස්තු 16) උදෑසන මැල්සිරිපුර නා උයන ආරණ්‍යයෙන් ගමන් ආරම්භ කරන ලදී.ඒ අනුව, මෙම පෙරහැර රඹේ, කුඹුක්ගැටේ, හිරිපිටිය, ගනේවත්ත, වැල්ලෑගල හරහා ගමන් කර අද සවස වාරියපොළ ශ්‍රී විශුද්ධාරාම විහාරය වෙත පැමිණේ.
පුජනීය මහා සංඝ රත්නයේ ප්‍රධානත්වයෙන් ආගමික ආශීර්වාද මධ්‍යයේ මෙම පෙරහැරේ සියලු කටයුතු සිදුකෙරෙනු ඇත.පෙරහැර ගමන් ගන්නා අවස්ථාවේදී මාර්ග පාලනය අදාල පොලිස් කොට්ඨාශ මගින් සිදු කරන අතර දැඩි සෞඛ්‍ය ආරක්‍ෂණ මාර්ගෝපදේශයන්ට අනුව මෙය පැවැත්වේ.




ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1