සඳහිරු සෑයේ කොත්වහන්සේ රැගත් පෙරහැර මාතර වෙහෙරහේන විහාරයට..!

සඳහිරු සෑයේ කොත්වහන්සේ සහ චූඩා මාණික්‍ය රැගත් පෙරහැර ආගමික ආශිර්වාද මධ්‍යයේ අද (ඔක්තෝබර් 03) උදෑසන ගාල්ල උණවටුන යටගල රජමහ විහාරයෙන් ගමන් ආරම්භ කරන ලදී. ඒ අනුව, මෙම පෙරහැර තල්පේ, අහංගම, වැලිගම,…
සඳහිරු සෑයේ කොත්වහන්සේ සහ චූඩා මාණික්‍ය රැගත් පෙරහැර ආගමික ආශිර්වාද මධ්‍යයේ අද (ඔක්තෝබර් 03) උදෑසන ගාල්ල උණවටුන යටගල රජමහ විහාරයෙන් ගමන් ආරම්භ කරන ලදී.
ඒ අනුව, මෙම පෙරහැර තල්පේ, අහංගම, වැලිගම, දෙණිපිටිය ගංගාතිලක මහා විහාරය,මිරිස්ස, වල්ගම, නූපේ, මාතර බෝධිය, මාතර නගරය, බී 524 මාර්ගය සහ ඒ 2 මාර්ගය හරහා ගමන් කර අද සවස වෙහෙරහේන රජමහා විහාරය වෙත පැමිණේ.
පූජනීය මහා සංඝරත්නයේ ආගමික ආශිර්වාද මධ්‍යයේ මෙම පෙරහැරේ සම්පූර්ණ කටයුතු සිදුකරනු ඇත.පෙරහැර ගමන්ගන්නා අවස්ථාවේදී රථවාහන පාලනය අදාල පොලිස් කොට්ඨාශ මගින් සිදුකරන අතර දැඩි සෞඛ්‍ය ආරක්‍ෂණ මාර්ගෝපදේශයන්ට අනුව මෙය පැවැත්වේ.