අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සති 3ට සැකකරුවෝ 9,410ක්..!

සති 3ට සැකකරුවෝ 9,410ක්..!

(නායක බණ්ඩාර) පසුගිය ජුනි 09 වැනිදා සිට දිවයින පුරා ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන යටතේ ගෙවීගිය සති තුන තුළ විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකකරුවන් 9410 අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස්…

 (නායක බණ්ඩාර)

පසුගිය ජුනි 09 වැනිදා සිට දිවයින පුරා ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන යටතේ ගෙවීගිය සති තුන තුළ විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකකරුවන් 9410 අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

මීට අමතරව නීතිවිරෝධී මධ්‍යසාර හා බලපත්‍ර නොමැතිව මත්පැන් අලෙවි කිරීම යන චෝදනා යටතේ සැකකරුවන් 7598 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය ජුනි 09 වැනිදා සිට ජූලි 02 වැනිදා දක්වා කාලය තුළ සිදුකළ මෙහෙයුම්වලදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත. මෙම මෙහයුම්වලදී නීතිවිරෝධී මත්පැන් ලීටර් 91584ක්, ගෝඩා ලීටර් 332084 ප්‍රමාණයක්, බලපත්‍ර නොමැති රා ලීටර් 1547ක් සහ බලපත්‍ර නොමැතිව අලෙවි කිරීමට තබා තිබූ මත්පැන් ලීටර් 10604ක් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. ඊට අමතරව නීතිවිරෝධී දුම්වැටි 11631ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වැලීම්වල දී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වරෙන්තුකරුවන් 1,951ක් ද අත්අඩංගුවට ගෙන ඇත. මෙම කාලය තුළ දිවයිනේ ප්‍රදේශ රැසක මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක කර ඇති අතර, එමඟින් පාසල් ළමුන් 342,242ක් සහ වෙනත් පුද්ගලයන් 161,861ක ප්‍රමාණයක් දැනුම්වත් කර තිබෙන බව පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා සඳහන් කළේය. එමෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සහභාගි කරගෙන පැවැත්වූ රුක් රෝපණ වැඩසටහන්වල දී පැළ 38,121 සිටුවා තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මෙම   පිරිස සහභාගි කරගෙන ශ්‍රමදාන ව්‍යාපාර 1,581ක්, ක්‍රීඩා තරග 1,606ක් පැවැත්වීමට කටයුතු කළ බවත්, මත්ද්‍රව්‍ය භාවිත කළ පුද්ගලයන් 2,012ක් පුනරුත්ථාපන කටයුතුවලට යෙදවීමට හැකි වූ බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සති 3ට සැකකරුවෝ 9,410ක්..! | Lanka Newsweek