අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සතියකට පෙර රනිල් ඉන්දියාවේදී ඇඔරූ ගුලි

සතියකට පෙර රනිල් ඉන්දියාවේදී ඇඔරූ ගුලි

තෙම්පරාදු වූ අනුරට අභියෝග ජය ගත නොහැකිද..? චීන-ඇමෙරිකානු හමුවලින් පසු ජනපති ඉන්දියානු ලොකු අයියා වෙත රට ඇතුළේ ප්‍රශ්නවලට එහා ගිය ලෝක අභියෝග ලෝකය කළමනාකරණය කර ගැනීමේ හැකියාව සියල්ල තීන්දු කරනු ඇත…

තෙම්පරාදු වූ අනුරට අභියෝග ජය ගත නොහැකිද..?

චීන-ඇමෙරිකානු හමුවලින් පසු ජනපති ඉන්දියානු ලොකු අයියා වෙත

රට ඇතුළේ ප්‍රශ්නවලට එහා ගිය ලෝක අභියෝග

ලෝකය කළමනාකරණය කර ගැනීමේ හැකියාව සියල්ල තීන්දු කරනු ඇත

බංකොලොත් රටක ආණ්ඩු බලය යනු කොටි වලිගයක්ද..?

මෝලුන්ට යටවූ බව පිටින් පෙනුන ද 260 හාල් 230 වීම.

රුපියල් 110 ට බාන හාල් වැඩි මිලට විකිණීමේ ගැටලුව

පිටරටින් ගේන බඩුවල කොමිස් මුදලේ දැන් ඉරණම

විදුලි බිල අඩු නොකරන යථාර්තය හා මාළිමාව.

හරවා යැවූ තෙල් නැවේ හිගය ජනතාව කරේ නොතැබීමේ වගකීම

සතුන් හා වගා රැකෙන විසදුම කුමක්ද...?

කිරි කලයට ගොම දැමූ හොර උපාධි චෝදනා

දිනමිණ ලොකු පුටුවට L බෝඩ් නැති ලංකාදීපයෙන්

(අශෝක ජයතුංග)

ආණ්ඩුවක් කිරීම කොටි වලිගය අල්ලා ගැනීමකි. එය හොදින්ම අත්විදින්නේ මාළිමාවය. ඇතුලේ මෙන්ම පිටතත් ගිණි බව කියවුණ ද ජනපති අනුර තෙම්පරාදු වූවෙකු හෙයින් ඒවා සමබර කරගැනීමට හැකිවනු ඇත.  අයවැය හිගයක් නැති ස්මාට් හා සිස්ටම් සහිත පොහොසත් රටක් පාළනය යනු රට ඇදගෙනයාම පමණි. එහෙත් හැම අතින්ම අයාලේ ගිය  මෙවැනි බංකොළොත් රටක් සුවපත් කිරීම පහසු නැත. අනුර හා මාළිමාවට එය කළ නොහැකි හැකි නම් වෙන කරන්නට පිරිසක් පෙනෙන මානයේ ද නැත. 

එහෙත් ගංවතුර නායයාමෙන් ඇරඔී හාල් පොල් IMF දක්වා  ගැටලු පැමිණෙමින් තිබුණ ද එවා ස්වාභාවිකය. ආණ්ඩුවක් යනු පැය 24 ම නොනිදා කැපවිය යුතු යාන්ත්‍රණයකි. විපක්ෂයේ සිටියදී නිදාගෙන නැගිට හැම දේකම ඇදකුද පමණක් දුටු පිරිසකට මෙවා අලුත් අත්දැකීම් වුවද අභියෝග ජයගැනීමේ නිර්මාණාත්මක හැකියාව ආණ්ඩුව සතු බව කාගේත් විශ්වාසයවේ.
හාල් වලට යම් විසදුමක් ලැබුණේ මෝලුන්ට යටවීමෙන් හා මෝලුන් ජයගැනීමෙන් බව මතුපිටින් පෙනුනද රු 250 ඉක්මවූ හාල් 230 රදවා ගන්නට සමත්වීම ගැන සමහරු කතා කරන්නේ නැත. හාල් සුලබ කිරීම රටින් හාල් ඒමෙන් පසු  සිදුවනු ඇත. එහෙත් වරායට රු 110 ට එන හාල් 230 ඉක්මවා විකිණීමට සිදුවන බව  කියති.ඊට ගැසූ බදු ඊට හේතුව බව ද කියවේ. එය අලුත් ගැටලුවක් නොවී කළමනාකරණය කරගැනීම  වගකීමකි. හාල් හෝ පිටරටින් ගේන භාණ්ඩ පසුපස කොමිස් කුට්ටියක් ද තිබෙන අතර දැන් ඊට සිදුවන්නේ කුමක්ද යන්න ඊලග ගැටලුවය.. එකල ලංගමට බස් ගත්විට ලැබුණු කොමිස් සාක්කුවේ දමා නොගෙන ලංගමට කාර් ගෙනා  අතීතයක් ද ලංකාවට හිමිය. 

පොල් ගැටලුව ද උග්‍රය. මේ පොල් අවාරේ බව ආණ්ඩුව නොකීම පුදුමයකි. හිටපු ආණ්ඩු මෙවැනි යුග වලදී  අමාරුවක වැටුණ හැටි හා රටින් පොල් ගෙනා හැටි මාළිමාවට අමතකය. රටින් යමක් ගේන්නේ හිගය පියවීමට නොව හොරකම් කරන්න යයි එකල ඔවුන් කීදේ මතක්වීම තුළ  නිහඬව සිටීදැයි දන්නේ නැත.

දැන්වීම

හිටපු ආණ්ඩු ඉන්දන රු 150 කින් හා ලයිට් බිල 33% කින් අඩුකිරීම නොකළේ හොරකම නිසා බව කී මාළිමාවට දැන් යථාර්කය තේරුම් ගොස් තිබිය හැකිය. මෙතරම් වැසි වැටී ජල විදුලිය 65% ක් ලැබෙද්දීත් මණ්ඩලය රු බිලි 141 ක දැවැන්ත ලාභයක් ලබා සිටියදීත් විදුලිය බිල අඩු නොකරන බව ප්‍රකාශ කිරීමෙන් පෙනෙන්නේ ආණ්ඩු කිරීම හා රටක මුල්‍ය සමබරතාව පවත්වාගෙන යාම කෙතරම් අසීරුද යන්න මාළිමාව ද දැන් හොදින් තේරුම්ගෙන සිටින බවය. එහෙත් තවමත් පිටින් අධික මිලට මණ්ඩලය විසින් විදුලිය මිලට ගැනීම අවධානයට යොමුවිය යුත්තකි.

බෝනස් ඉල්ලා ආණ්ඩුවෙන් ගේම ඉල්ලූ ජවිපෙ විදුලි වෘත්තීස සමිති නායකයා බෝනස් දුන්නොත් විදුලිය කපන්න වෙන බව දැන් කියයි. එය ද යථාර්තය තේරුම් ගැනීමක් විය හැකි නමුත් ඔහු ජවිපෙ වෘත්තීය සමිති ක්‍රියාවලිය හෑල්ලුවට ලක්කළ බව බොහෝ අයගේ හැගීමය. විශාල තෙල් නැවක් හරවා යැවීමේ ගැටලුව ජනතාවට පෝළිම් ඇති නොවන ලෙස සමබර කරගැනීම ද විශාල වගකීමකි.

ලාල්කාන්තගේ රිලා නැටුම ද  පත්තුවී තිබේ. එදා රිලවුන් රට පටවනවාට විරුද්ධවී දැන් වක්‍රව සතුන් මරන්නට යෝජනා කිරීම පරස්පරතාවකි. වගාව බේරා ගැනීම මෙන්ම සතුන් බේරාගැනීමේ මැද තැනකට ඒම අත්‍යවශ්‍යය. මෙරට වගාවෙන් 15% සිට 45%දක්වා සතුන් විනාශ කිරීම ව්‍යසනයක් නිසා ඊට පිළියම් යෙදිය යුතුමය.  පරිසරවේදීන් ගේ සත්ව කරුණාව අගය කළයුතු අතර බෝග විනාශය වැළකීමට ඔවුන් දෙන විසදුම කුමක්ද. වද කිරීම හා සෙසු රටවල් ඊට දෙන විසදුම් අධ්‍යනය කිරීම වටී. පරිසරවේදීන් දෙන සමබර විසදුමක් පිළිගන්නා බව ලාල්කාන්ත කළ ප්‍රකාශය හා ආණ්ඩුවේ එම නම්‍යශීලී බව පැසසුමට ලක්විය යුතුය.

හිටපු පාර්ලිමෙින්තුව නූගතුන් හා හොරුන්ගෙන් සුද්ද කරන මාළිමා ශ්‍රමදානය නැගලා ගියේ වාර්තා තබමිනි.  කිරිකලයට ගොම වැටුණොත් ඉවරය. කතානායක හා බලශක්ති ඇමතිගේ  අධ්‍යාපන සුදුසුකම් ව්‍යාජ යයි එල්ලවන ප්‍රහාර   ආණ්ඩුව කරකවා අතහැර තිබේ. ඇමති නලින්ද බලු දොස්තර කෙනෙකු බවට චෝදනා එල්ලවිය. ඔහු වහාම  සුදුසුකම් ඔප්පු කළේය. එහෙත්  සෙසු අය තවම එසේ නොකළේ  ඇයිදැයි නොදනිමු. කප්පරක් අපේක්ෂා වෙනුවෙන්  ජනතාව මාළිමාව පත්කළේ රටත් ජනතාවත් විනයක් රකින්නට විනා නොමඟ යවන අය සිටී නම් ඔවුන් සනසන්නට නොවෙිය.කුණුහරුප ටයර් ටියුබ්කාරයාන් ලවා ලොන්ඩරි දැමීම වෙනුවට සහතික  පෙන්වීම චෝදනා ලැබූවන්ගේ වගකීමය.

ශ්‍රී ලංකාව තිබෙන්නේ වොෂින්ටන්, බීජිං හා දිල්ලි යන රටට වැදගත් වන ත්‍රිකෝණය තුළය. චීන ප්‍රබල නායිකාවකගේ හමුවෙන් පසු අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරයෙකු වන ඩොනල්ඩ් ලූ ජනපති අනුර හමුවිය. දූෂණයට එරෙහිව හා ලංකාවෙන් පිට කළ මුදල් සොයා ගැනීමට ඇමෙරිකානු සහාය පළවී තිබේ. එම උණුසුම සමග ජනපති අනුර පළමු විදෙස් සංචාරයට ඉන්දියානු ලොකු අයියා සමග තීරණාත්මක කතාබහකට යන්නේ අගමැති මෝදිගේ ඇරයුමකටය. විදේශ ඇමති විජිත ට එහිදී පැටවෙන්නේ ද ලොකු බරකි. සතියකට පෙර රනිල් ඉන්දියාව වැද ආවේ මොන ගුලි අඔරලාදැයි අනුර පරිස්සම්වීම වටී.

ජනපති පසුව චීනයට ද යන බව පැවසේ. රට ඇතුලේ ගැටලු වලට සාපේක්ෂව ගත්විට ජාත්‍යන්තර අභියෝග අති දැවැන්ත බව  කිවයුතු නොවේ. විදෙස් පදයට නැටීම හිටපු අයගේ ක්‍රමය බවට චෝදනා කළ මාළිමාව එකී ජාත්‍යන්තර වටලෑම් කළමනාකරණය කරගන්නට දක්වන හැකියාව මත බොහෝ දේ තීන්දුවනු ඇත.

මෙරට පත්තර කලාවේ මහ දෙවොල ලෙස කිරුළු දරන ලංකාදීපයේ වසර 25 ක අත්දැකීම් ඇති "L බෝඩ්" රහිත ප්‍රදීප් දසනායක දිනමිණ මුල් පුටුවට පත්කිරීමද මාළිමාවේ නිවැරදි තීන්දුවක් වනු ඇති බව මධ්‍ය ක්ෂ්‍රේත්‍රයේ විග්‍රහය වේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4
බෙදාගන්න