අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සජිතුයි රනිලුයි අජිත්ව කපයි-ආණ්ඩුව රකින කොන්ත්‍රාත්තුව ගයන්තට

සජිතුයි රනිලුයි අජිත්ව කපයි-ආණ්ඩුව රකින කොන්ත්‍රාත්තුව ගයන්තට

"ඇල් වතුරත් නිවලා බොන ගයන්ත එක්ක විපක්ෂය ගොඩ නගනවා බොරු" ගයන්ත රනිල්ගේ පිල්ලියක් (සුජිත් මංගල ද සිල්වා) ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා විපක්ෂයේ…

"ඇල් වතුරත් නිවලා බොන ගයන්ත එක්ක විපක්ෂය ගොඩ නගනවා බොරු"

ගයන්ත රනිල්ගේ පිල්ලියක්

සජිතුයි රනිලුයි අජිත්ව කපයි-ආණ්ඩුව රකින කොන්ත්‍රාත්තුව ගයන්තට

(සුජිත් මංගල ද සිල්වා)

ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයට පත් කිරීම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස පාර්ශවය වගේම රනිල් වික්‍රමසිංහ පාර්ශවය ද නියෝජනය කරන බහුතරයක් සිය අප්‍රසාදය සහ විරෝධය පළ කරමින් සිටිති.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ගයන්ත කරුණාතිලක මහතා පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගෙන තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමකට අනුවය.

දැන්වීම

කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂයේ සහ එම පෙරමුණේ බහුතරයේ ස්ථාවරය වී තිබුණේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස,ආණ්ඩුවට එරෙහිව දැඩි සටන්කාමී දේශපාලන භූමිකාවක යෙදී සිටින,පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සහ නීතිය පිළිබඳව පුළුල් අවබෝධයක් ඇති නැගී එන තරුණ දේශපාලන නායකයෙකු වන කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ අජිත් පී පෙරේරා මහතා පත් කළ යුතු බවය.

එක්සත් ජාතික පක්ෂය විපක්ෂයේ සිටියදී මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිවත්,යහ පාලන ජාතික රජයේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු විපක්ෂයට එරෙහිවත් සටන්කාමී දේශපාලන භුමිකාවක නොයෙදුණු,පාර්ලිමේන්තු ස්ථාවර නියෝග ගැන කිසිදු අවබෝධයක් නොමැති සහ ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් සිත නොරිදවා ඇඟ බේරා ගැනීමේ දේශපාලනයක යෙදී සිටින ගයන්ත කරුණාතිලක වැනි දුර්වල දේශපාලනඥයෙකු විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස පත් කර ගැනීමට සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් එකට එක්ව බොහොම සුහදව පියවර ගත්තේ පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමට ද යන සැකය මතු වන බව එක්සත් ජාතික පෙරමුණේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් "lankanesweek" සමග පැවසීය.

එක්සත් ජාතික පෙරමුණේ නායකයින්,ජ්‍යෙෂ්ඨයින් සහ නවකයින් අතර මේ ප්‍රශ්නය මේ වන විට සාකච්ඡා වෙමින් පවතින අතර මේ දියාරු දේශපාලන තීන්දුව සම්බන්ධයෙන් බහුතරයක් දේශපාලන වශයෙන් අතිශය උකටලී වී සිටින බව පෙන්වා දුන් ඔහු වැඩි දුරටත් හෙළි කර සිටියේ ගයන්ත කරුණාතිලක සමග ආණ්ඩුවට එරෙහිව විපක්ෂය සංවිධානය කරන්නේ කෙසේදැයි බහුතරයක් ප්‍රශ්න කරමින් සිටින බවය.

මේ සම්බන්ධයෙන් "lankanewsweek" සමග වැඩි දුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පෙරමුණේ එම ජ්‍යෙෂ්ඨ නායකයා මෙසේද කීය.

"විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය අජිත් පී පෙරේරා මුල සිටම බලාපොරොත්තුව සිටියා.ඒ ගැන සජිත් ප්‍රේමදාස මහතා ද අවබෝධයෙන් සිටී අතර ඔහුගෙන් ඒ සඳහා කොළ එළියක් ද නිකුත් වී තිබුණා.ඇත්තටම ඔහු ඊට සුදුසුයි.ඔහුට පාර්ලිමේන්තු ස්ථාවර නියෝග වගේම නීතිය ගැනත් හොඳ අවබෝධයක් තිබෙනවා.ඇත්තටම ඔහු සටන්කාමියෙක්...

සජිත් ප්‍රේමදාස මහතා සමග එක්ව විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ගයන්ත කරුණාතිලක මහතා පත් කර ගැනීමෙන් රනිල් වික්‍රමසිංහ මහතා එක ගලකින් කුරුල්ලන් තිදෙනෙකු මරා ගත්තා.ඒ කියන්නේ සිය නායකත්වයට එරෙහිව සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් සටන් කළ අජිත් පී පෙරේරාව දේශපාලන වශයෙන් කපා සජිත් ප්‍රේමදාස පාර්ශවය අභ්‍යන්තරයේ අර්බුදයක් ඇති කිරීමට පසුබිම සැකසුවා.

දුර්වල සහ ඇල් වතුරත් නිවා බොන ඇඟ බේරා ගන්නා පුද්ගකයෙකු විපක්ෂයේ ප්‍රධාන සංවිධායකයා ලෙස පත් කර ගනිමින් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේදී සිය වැඩ කටයුතු කිසිදු අවහිරයකින්,කරදරයකින් සහ බාධාවකින් තොරව සිදු කර ගැනීමට ඉඩ ප්‍රස්තා ලබා දුන්නා.

ඒ වගේම මේ තනතුර හරහා සිය හිතෛශීයෙකු වන ගයන්ත කරුණාතිලක මහතා සජිත් ප්‍රේමදාස පාර්ශවය අභ්‍යන්තරයේ පැල කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා සමත් වුණා.සජිත් ප්‍රේමදාස වාදියෙකු ලෙස පෙනී සිටියත් ගයන්ත කරුණාතිලක මහතා රනිල් වික්‍රමසිංහ මහතාට ඉහළින් නොයන ඔහුගේ එහෙයියෙකු බව කවුරුත් දන්නවා.

සජිත් ප්‍රේමදාස වාදියෙකු ලෙස පෙනී සිටියත් ඉතිහාසය පුරාම එක්සත් ජාතික පක්ෂයේ වගේම ආණ්ඩුවේ ලොකු ලොකු තනතුරු ලබා දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා ගයන්ත කරුණාතිලක මහතාට හොඳින් සැලකුවේ ඒ නිසයි"

සජිතුයි රනිලුයි අජිත්ව කපයි-ආණ්ඩුව රකින කොන්ත්‍රාත්තුව ගයන්තට

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
සජිතුයි රනිලුයි අජිත්ව කපයි-ආණ්ඩුව රකින කොන්ත්‍රාත්තුව ගයන්තට | Lanka Newsweek