සජිත් හම්බන්තොට ගොවි ගැටළු සොයා බලයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් වන ගොවි ජනතාව මුහුණ දෙන ගැටළු පිළිබඳව ගොවිබිමට ගොස් විමසන "ගොවිහදගැස්ම" පළමු පියවර ලෙස අද (03) හම්බන්තොට, ලුණුගම්වෙහෙර, අග්බෝපුර කලාපයේ ගොවි ජනතාව හමුවිය.…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් වන ගොවි ජනතාව මුහුණ දෙන ගැටළු පිළිබඳව ගොවිබිමට ගොස් විමසන "ගොවිහදගැස්ම" පළමු පියවර ලෙස අද (03) හම්බන්තොට, ලුණුගම්වෙහෙර, අග්බෝපුර කලාපයේ ගොවි ජනතාව හමුවිය.
මේ අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රදේශයේ ගොවි ජනතාව සමඟ ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව පුළුල් වශයෙන් සාකච්ඡා කළ අතර විශේෂයෙන්ම පොහොර අර්බුදය හේතුකොටගෙන විශාල වගා බිම් ප්‍රමාණයක අස්වැන්න බොහෝ අඩු වී ඇති බවත්, ගොවීන් විශාල පිරිසක් ගොවිතැනින් ඉවත්ව ඇති බවත් එහි දී අනාවරණය විය.
තමන්ගේ අස්වැන්න අලෙවිකර ගැනීමට පවත්නා ගැටළු පිළිබඳව ද ගොවිජනතාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අවධානයට යොමු කළ අතර, ඒ පිළිබඳව නිශ්චිත වැඩපිළිවෙළක් නොමැති වීම පිළිබඳවත් ගොවි ජනතාව අදහස් දැක්වූහ.