අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සජිත් සිංගප්පූරු ගත්කතුවරයකු වන කිෂෝර් මහබුබානි මහතා හමුවෙයි

සජිත් සිංගප්පූරු ගත්කතුවරයකු වන කිෂෝර් මහබුබානි මහතා හමුවෙයි

(අචින්ත මධුර) කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර් මහබුබානි මහතා හමුවී සාකච්චා කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා කටයුතු කර තිබේ. සිංගප්පූරු ජාතික…

(අචින්ත මධුර)

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර් මහබුබානි මහතා හමුවී සාකච්චා කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා කටයුතු කර තිබේ. 

සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ ආසියානු පර්යේෂණ ආයතනයේ පවතී එම හමුවේ දී ප්‍රධාන වශයෙන් ප්‍රතිපත්ති සම්පාදනය, පාලනය සහ සාමය ගොඩනැගීම යන මාතෘකා මූලික කර ගෙන සුවිශේෂී අදහස් රැසක් හුවමාරු කර ගැනීමට හැකිවී ඇති අතර සිංගප්පූරුවේ ආර්ථික පරිවර්තනය සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම යන දෙඅංශය ශක්තිමත් ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් බැවින් සිංගප්පූරුවේ අත්දැකීම්වලින් ශ්‍රී ලංකාවට ද වර්තමානයේ සුවිශේෂී පාඩම් රැසක් ඉගෙන ගත හැකි නිසා කිෂෝර් මහබුබානි මහතාගේ අත්දැකීම් සහ අදහස් අප රටේ ප්‍රතිපත්ති සම්පාදකයන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ බෙදා ගැනීමට කටයුතු කරන බවද විපක්ෂ නායක වරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න