අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

සජිත් විජයදසම් ආශිර්වාද පූජාවට එක්වෙයි

සජිත් විජයදසම් ආශිර්වාද පූජාවට එක්වෙයි

(හේමන්ත තුසිත කුමාර) වැල්ලවත්ත මයුරපති ශ්‍රී භද්‍රකාලී අම්මාන් කෝවිලේ පැවති නව රාත්‍රීයට පසුව පැමිණෙන දසවන දිනය වන ‘විජයදසම්' දිනයේ ආශිර්වාද පූජාව සඳහා අද දින (15) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද…

(හේමන්ත තුසිත කුමාර) 

වැල්ලවත්ත මයුරපති ශ්‍රී භද්‍රකාලී අම්මාන් කෝවිලේ පැවති නව රාත්‍රීයට පසුව පැමිණෙන දසවන දිනය වන ‘විජයදසම්' දිනයේ ආශිර්වාද පූජාව සඳහා අද දින (15) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද එක් විය.

වැල්ලවත්ත මයුරපති ශ්‍රී භද්‍රකාලී අම්මාන් කෝවිලේ ප්‍රධාන පූජකතුමන් වන උදයරාහව පූජකතුමා විසින් මෙම ආශිර්වාද පූජාව පැවැත්වූයේය.සියලුම හින්දු භක්තිකයන් මවක ලෙස ගරු කරන ‘ශක්ති දෙවියන්’ නමස්කාර කිරීම චාරිත්‍රානුකූලව දින නවයක් පුරාවට මෙම ආගමික වතාවත් සිදුවන අතර මෙහි මුල් දින තුන දුර්ගා මාතාව හෙවත් කාලි මෑණියන් වෙනුවෙන් පූජා පවත්වමින් බලය වෙනුවෙන් අයැදීම සිදුවෙයි. 

මීළග දින තුන සැපත හා සම්පත උදාකර ගැනීම උදෙසා ලක්ෂ්මී දෙවියන් වෙනුවෙන් වෙන් වන අතර අවසාන දින තුන වෙන් වන්නේ අධ්‍යාපනය වෙනුවෙනි. ඒ අනුව අවසන් දින තුන පුරාවට සරස්වතී දෙවියන් සිහිකර පුද පූජා පැවැත්වීම සිදුවේ.

නව රාත්‍රීයට පසුව පැමිණෙන දසවන දිනය  ‘‘විජයදසමි’’ ලෙසින් හඳුන්වනු ලබන අතර එම දිනය හින්දු බැතිමතුන් සළකන්නේ ඉතාමත් සුබ දිනයක් ලෙසයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න