සජිත් බදා ගනී - රවී බෙදා ගනී..!

(සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩ සටහන යටතේ නියෝජ්‍ය නායකකම් දෙකක් හෝ ඊට වැඩි ගණනක් ඇති කරනවාට එම පක්ෂයේ වත්මන් නියෝජ්‍ය නායක, නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා…
(සුජිත් මංගල ද සිල්වා)
එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩ සටහන යටතේ නියෝජ්‍ය නායකකම් දෙකක් හෝ ඊට වැඩි ගණනක් ඇති කරනවාට එම පක්ෂයේ වත්මන් නියෝජ්‍ය නායක, නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සිය බලවත් විරෝධය පළ කර තිබේ.
එසේ කළහොත් නියෝජ්‍ය නායක ධූරයෙන් තමා ඉල්ලා අස්වන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ (07) පැවති එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සහ පාර්ලිමේන්තු කණ්ඩායමේ ඒකාබද්ධ රැස්වීමේදී දැනුම් දී ඇත.
දැන්වීම
මේ අතර මේ ප්‍රතිසංවිධාන වැඩ සටහන යටතේ එක්සත් ජාතික පක්ෂ උප නායකකම්ද දෙකක් හෝ ඊට වැඩි ගණනක් ඇති කිරීමටද යෝජනා වී ඇති අතර ඊට එම පක්ෂයේ වත්මන් උප නායක රවී කරුණානායක මහතාගේ විරෝධයක් පළ වි නොමැත.
එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළ යටතේ එම පක්ෂයේ නියෝජ්‍ය නායක සහ උප නායක තනතුරු දෙකක් හෝ ඊට වැඩි ගණනක් ඇති කළ යුතු බවට යෝජනා කර තිබුණේ ඒ අවස්ථා, සරත් ෆොන්සේකා, රංජිත් මද්දුම බණ්ඩාර, ලක්ෂ්මන් කිරිඇල්ල,නවින් දිසානායක, වජිර අබේවර්ධන,මංගල සමරවීර, තලතා අතුකෝරාල,සහ සාගල රත්නායක යන මහත්ම මහත්මීන්ට ලබා දී ඒ අයද පක්ෂයේ ඉදිරියට ගැනීම සඳහාය.