සජිත් ප්‍රේමදාස අධ්‍යාත්මික නායකයෙක්..!

රටට සුදුසුම නායකයා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අධ්‍යාත්මික නායකයෙකු යැයි ද, රටට-ජනතාවට අවශ්‍ය වන්නේ එවැනි නායකයෙකු යැයි ද සමගි බුද්ධි මණ්ඩපය නියෝජනය කරන විශ්ව විද්‍යාල…
රටට සුදුසුම නායකයා සජිත් ප්‍රේමදාස

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අධ්‍යාත්මික නායකයෙකු යැයි ද, රටට-ජනතාවට අවශ්‍ය වන්නේ එවැනි නායකයෙකු යැයි ද සමගි බුද්ධි මණ්ඩපය නියෝජනය කරන විශ්ව විද්‍යාල ආචාර්ය-මහාචාර්යවරු අවධාරණය කර සිටිති.
සමගි බුද්ධි මණ්ඩපය නියෝජනය කරන මහාචාර්ය අනුර කුමාර උතුමන්ගේ සහ ආචාර්ය එස් බාස්කරන් යන මහත්වරුන් පෙන්වා දෙන්නේ උද්ගත වී තිබෙන තත්ත්වය අනුව රට-ජනතාව හමුවේ පවතින එකම විකල්පය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බවය.
දැන්වීම
ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය ද, මහා මැතිවරණයේ දී සමගි ජන බලවේගයේ ජයග්‍රහණය ද තහවුරු කිරීම සඳහා දේශීය-විදේශීය සහ රාජ්‍ය-පෞද්ගලික විශ්ව විද්‍යාල නියෝජනය කරන ආචාර්ය-මහාචාර්ය සහ කථිකාචාර්යවරුන් 1500ක් සමගි බුද්ධි මණ්ඩපය යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වටා එකට ඒකරාශී වී සිටිති.
ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයක් සතු විශාලතම බුද්ධි කවය වන්නේ සමගි බුද්ධි මණ්ඩපය වන අතර එම බුද්ධි කවය විශේෂ කමිටු හතක් ඔස්සේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ සටන ජයග්‍රහණය කරවීම සඳහා මේ වන විටත් මෙහෙයුම් ආරම්භ කර තිබේ.
