අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සජිත් ප්‍රේමදාසට සංඝ රත්නය දක්වන අප්‍රසාදයේ තරම මෙන්න

සජිත් ප්‍රේමදාසට සංඝ රත්නය දක්වන අප්‍රසාදයේ තරම මෙන්න

"දේශපාලන වශයෙන් ප්‍රතිපතියක් සහ වගකීමක් නැහැ' "විශ්වාස කරන්න බැහැ" "ඒ නිසා පරණ පාර්ලිමේන්තුව කැඳවනු එපා" මහ සංඝ රත්නය ජනපති ප්‍රධාන රජයෙන් ඉල්ලයි (සුජිත් මංගල ද සිල්වා) පරණ පාර්ලිමේන්තුව යළි…

"දේශපාලන වශයෙන් ප්‍රතිපතියක් සහ වගකීමක් නැහැ'

"විශ්වාස කරන්න බැහැ" 

"ඒ නිසා පරණ පාර්ලිමේන්තුව කැඳවනු එපා"

මහ සංඝ රත්නය ජනපති ප්‍රධාන රජයෙන් ඉල්ලයි 

සජිත් ප්‍රේමදාසට සංඝ රත්නය දක්වන අප්‍රසාදයේ තරම මෙන්න

(සුජිත් මංගල ද සිල්වා)    

පරණ පාර්ලිමේන්තුව යළි කැඳවීමෙන් වැළකී සිටින ලෙස  විශේෂයෙන්ම ඉල්ලා සිටින්නේ විපක්ෂ නායක ධූරයේ සජිත් ප්‍රේමදාස මහතා සිටින නිසාවෙන් බව මහා සංඝරත්නය ප්‍රමුඛ විද්වතුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රධාන රජයට දැනුම් දී ඇත 

සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ධූරයේ සිටින තුරු කිසිම හේතුවක් නිසාවත් පාර්ලිමේන්තුව නොකැඳ වන ලෙස ජනාධිපතිවරයා ප්‍රධාන රජයෙන් ඉල්ලා ඇති මහා සංඝ රත්නය ප්‍රමුඛ විද්වතුන් වැඩි දුරටත් පෙන්වා දී තිබෙන්නේ විපක්ෂ නායක ධූරයේ සජිත් ප්‍රේමදාස මහතා හැර කවුරු සිටියත් ගැටලුවක් නොමැති අතර මොවුන් මෙලෙස පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඉල්ලා සිටින්නේ ආණ්ඩුව පෙරළා රට අස්ථාවර කිරීමට බවය. 

සජිත් ප්‍රේමදාස යනු දේශපාලන වශයෙන් ප්‍රතිපත්තියක් සහ වගකීමක් නොමැති විශ්වාස කළ නොහැකි පුද්ගලයකු බවත් එවැනි පුද්ගලයෙකු විපක්ෂ නායක ධූරය දරන පරණ පාර්ලිමේන්තුව යළි කැඳවීමෙන් රටට-ජනතාවට අත් වන සුගතියක් නොමැති බවත් පෙන්වා දී ඇති මහා සංඝ රත්නය COVID-19 වසංගතය අවසන් වන තුරු පවතින පාලන ක්‍රමය පවත්වා ගෙන යන ලෙස ද ඉල්ලා තිබේ. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සජිත් ප්‍රේමදාසට සංඝ රත්නය දක්වන අප්‍රසාදයේ තරම මෙන්න | Lanka Newsweek