සජිත් පන්නා සජබයේ බලය ඇල්ලීමට චම්පිකට උල්පන්දම් දෙන්නේ තිස්සලු

සජබ නායකයින්ගේ උකුසු ඇස තිස්ස අත්තනායක දෙසට පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවක ඇතුළු කණ්ඩායම සමගි ජන බලවේගයේ බලය ඇල්ලීමේ සූක්‍ෂම මෙහෙයුමක් දියත් කරමින් සිටින බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි…
සජබ නායකයින්ගේ උකුසු ඇස තිස්ස අත්තනායක දෙසට

පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවක ඇතුළු කණ්ඩායම සමගි ජන බලවේගයේ බලය ඇල්ලීමේ සූක්‍ෂම මෙහෙයුමක් දියත් කරමින් සිටින බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් දැන ගන්නට ඇත.
චම්පික රණවක මන්තී‍්‍රවරයාගේ එම උත්සාහය සදහා සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක සහ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිස්ස අත්තනායක යන අයගේ සහයද ලැබෙමින් පවතින බව ද එම ආරංචි මාර්ගවලින් දැන ගන්නට තිබේ.
දැන්වීම
සමගි ජන බලවේගයේ නව ව්‍යවස්ථාව බදුල්ලේ දී ප‍්‍රකාශයට පත් කිරීමට නියමිත අතර, එහිදී එම ව්‍යවස්ථාවේ ඇතුළත් උප සභාපති ධූරය සදහා පත්වීමට පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාගේ සූදානමක් තිබෙන බව ද සඳහන් වේ.
මෙම ව්‍යවස්ථාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුණාංගවලින් හෙබි එකක් විය යුතු බව එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වූ තරුණ මන්තී‍්‍රවරුන් ඇතුළුව සමගි ජන බලවේගය සමග එකතු වී සිටින අනෙකුත් දේශපාලන පක්‍ෂවල සාමාජිකයන්ගේ ද අදහස වී ඇති බව කියැ වේ.
මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ ඉහළ පෙළේ කි‍්‍රයාකාරිකයකු වන මන්තී‍්‍රවරයකු පැවසුවේ, පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවක මහතා ජාතික හෙළ උරුමයෙන් ඉවත්ව සමගි ජන බලවේගයට පැමිණීම මත පක්‍ෂ නායකත්වයට අදාළව මෙතෙක් ගැටලුවක් ඇතිවී නොමැති බවය. එහෙත් සිය පක්‍ෂයේ මන්තී‍්‍රවරයකු වන තිස්ස අත්තනායක මන්තී‍්‍රවරයාගේ කි‍්‍රයා කලාපය සම්බන්ධයෙන්නම් ගැටලුවක් මතුව ඇති බව ද ඔහු කීවේය.