අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

සජිත් ගාල්ලේ තේ ගොවීන්ගේ ගැටලු විමසයි

සජිත් ගාල්ලේ තේ ගොවීන්ගේ ගැටලු විමසයි

(හේමන්ත තුසිත කුමාර) ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම ආසනයේ වඳුරඹ මාබොටුවන ප්‍රදේශයේ තේ ගොවීන් මුහුණ දෙන ගැටලු පිළිබඳව විමසන "ගොවි හදගැස්ම" වැඩසටහනට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බදාදා(13) සහභාගි විය.…

(හේමන්ත තුසිත කුමාර)

ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම ආසනයේ වඳුරඹ මාබොටුවන ප්‍රදේශයේ තේ ගොවීන් මුහුණ දෙන ගැටලු පිළිබඳව විමසන "ගොවි හදගැස්ම" වැඩසටහනට  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බදාදා(13) සහභාගි විය.

මේ අවස්ථාවට හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක, හිටපු අමාත්‍ය පියසේන ගමගේ, හිටපු මන්ත්‍රී වන විජේපාල හෙට්ටිආරච්චි, හිටපු මන්ත්‍රී සහ සමගි ජන බලවේගයේ බද්දේගම ප්‍රධාන සංවිධායක  බන්දුල ලාල් බණ්ඩාරිගොඩ ඇතුලු මහජන නියෝජිතයින් රැසක් ම එක්ව සිටියහ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රදේශයේ තේ ගොවීන් සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර එහිදී ගොවි ජනතාව අවධාරණය කොට සිටියේ ආණ්ඩුවේ පොහොර තහනම හේතුවෙන් තමන් බලවත් පීඩාවකට සහ දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇති බවය.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න