සජිත් ක්ෂුද්‍ර - කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයන් හමුවෙයි

වගවීම සහ වගකීම මත පදනම්ව විසදුම් ලබා දීමට රජයට බල කරනවා (අචින්ත මධුර) රටේ ආර්ථිකයට 50%කට වැඩි දායකත්වයක් මෙන්ම සේවා නියුක්තිය වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර - කුඩා හා මධ්‍ය පරිමාන…
වගවීම සහ වගකීම මත පදනම්ව විසදුම් ලබා දීමට රජයට බල කරනවා
(අචින්ත මධුර)
රටේ ආර්ථිකයට 50%කට වැඩි දායකත්වයක් මෙන්ම සේවා නියුක්තිය වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර - කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය Citizens’ Voice වැඩසටහන ඔස්සේ කටයුතු කරනු ලැබීය.
පාස්කු ප්‍රහාරයත්, කොවිඩ් වසංගතය සහ බංකොලොත්භාවය යන ත්‍රිත්ව ඛේදවාචකයන් හමුවේ දැඩි බලපෑමකට ලක්ව අසරණ වී ඇති එම කර්මාන්තකරුවන් වෙනුවෙන් පසුගිය රජයෙන් මෙන්ම වත්මන් රජයෙන් මැතිවරණ පොරොන්දු විශාල ප්‍රමාණයක් ලැබුණත් මේ දක්වාත් ඔවුන්ට ස්ථිර විසදුමක් ලැබී නොමැති බව මෙහිදී ඔවුන් විපක්ෂ නායකවරයා සමග පැවසීය.
මෙම ගැටළු නුදුරු දිනකදීම රජයේ අවධානයට යොමු කරන බවටත් වගවීම සහ වගකීම මත පදනම්ව විසදුම් ලබා දීමට රජයට බල කර සිටින බවටත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඔවුන්ට පොරොන්දු විය.